මින් ඉදිරියට මේ කිසිදු උත්සවයකදී මත්පැන් භාවිතය සපුරා තහනම් - නව චක්‍රලේඛයකින් පාසල්වලට සම්බන්ධ සියලු ආයතනවලට දන්වයි

Report

නව චක්‍රලේඛයකට අනුව පාසලේ ලාංඡනය භාවිත කරමින් ආදි ශිෂ්‍ය සංගම් ඇතුළු පාසලට සම්බන්ධ ආයතනයක් මඟින් පවත්වන ක්‍රිකට් තරගයක් හෝ යම් උත්සවයකදී මත්ද්‍රව්‍ය ප්‍රචාරය කිරීම, මත්ද්‍රව්‍ය භාවිත කිරීම සිදුකළහොත්, එම තරගය හෝ උත්සවය වහාම තහනම් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයාට බලය හිමිවී ඇති බව වාර්තා වේ.

ඒ අනුව අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ (විෂය සමගාමී මාර්ගෝපදේශන හා උපදේශන ශාඛාව) මහේෂ් රත්නායක මහතා,

QR ක්‍රමවේදයට ඉන්ධන නිකුත් කිරීම ගැනත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් දැනුම්දීමක්

QR ක්‍රමවේදයට ඉන්ධන නිකුත් කිරීම ගැනත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් දැනුම්දීමක්

‘‘ප්‍රධාන පාසල්වල ක්‍රියාත්මකවන මහා ක්‍රිකට් ගැටුම්වලදී දරුවන් මත්ද්‍රව්‍යවලට යොමුවූ බවට දෙමාපියන්ගෙන් චෝදනා එල්ල වී තිබෙනවා. අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් නිකුත් කරන ලද 2026/10 දරන චක්‍රලේඛය මඟින් පාසල නියෝජනය කරන එනම් පාසලේ ලාංඡනය භාවිත කරන කිසිදු වැඩසටහනකදී මත්ද්‍රව්‍ය ප්‍රචාරය කිරීම, මත්ද්‍රව්‍ය යොදා ගැනීම සම්පූර්ණයෙන්ම තහනම් කර තිබෙනවා. එය දැඩිව අධීක්ෂණය කරනවා.’’ යනුවෙන් පැවසූ බව සඳහන්.

ජපන්, යුරෝපා වාහන ලංකාවට ගෙන්වීම නවතීද? ලංකාවේ වාහන වෙළඳපොළ උඩුයටිකුරු කරමින් දැවැන්ත වෙනසක්

ජපන්, යුරෝපා වාහන ලංකාවට ගෙන්වීම නවතීද? ලංකාවේ වාහන වෙළඳපොළ උඩුයටිකුරු කරමින් දැවැන්ත වෙනසක්

එසේම ‘‘පාසලේ ලාංඡනය භාවිත කරමින් යම් උත්සවයක් හෝ වැඩසටහනක් පවත්වන්නේ නම් එය පාසලේ උත්සවයක් වෙනවා. එම නිසා පාසලේ ලාංඡනය භාවිත කරමින් පවත්වන කිසිදු උත්සවයකදී මත්පැන්, මත්ද්‍රව්‍ය හෝ කිසිදු ආකාරයක මත්වීමේ ද්‍රව්‍යයක් මින් ඉදිරියට භාවිත නොකළ යුතු බව ආදි ශිෂ්‍ය සංගම් ඇතුළු පාසල්වලට සම්බන්ධ සියලු ආයතනවලට සහ එහි සාමාජිකයන්ට මතක් කර සිටිනවා. මින් ඉදිරියට පාසලේ ලාංඡනය සහිත උත්සවයකදී මත්ද්‍රව්‍ය, මත්පැන් භාවිත කළහොත් එම උත්සවය වහාම තහනම් කිරීමට නව චක්‍රලේඛය අනුව අධ්‍යාපන ලේකම්වරයාට බලය තිබෙනවා.’’ යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසූ බව වාර්තා වේ.

නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා මේ බව කියා ඇත්තේ කොළඹ 07 විජේරාම මාවතේ පිහිටි රටම එකට ජාතික මෙහෙයුම ප්‍රධාන කාර්යාලයේ පැවැති පාසල් සඳහා ක්‍රියාත්මක කරන මත්ද්‍රව්‍ය නිවාරණ විශේෂ ව්‍යාපෘතිය පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් බව සඳහන්.

උදෑසන 5.30ට නිකුත් කළ නිවේදනයක් - අද දවල් 12:08 ට වෙන්න යන දේ මෙන්න

උදෑසන 5.30ට නිකුත් කළ නිවේදනයක් - අද දවල් 12:08 ට වෙන්න යන දේ මෙන්න

ඌරු වකුගඩුවෙන් දින 271ක පණ ලැබූ ඇමෙරිකානුවා - වෛද්‍ය ලෝකයේ අලුත් පෙරළිය

ඌරු වකුගඩුවෙන් දින 271ක පණ ලැබූ ඇමෙරිකානුවා - වෛද්‍ය ලෝකයේ අලුත් පෙරළිය