භයානකයි - විදුහලක ගොඩනැගිලි 6ක් ගිලා බැසීමේ අවදානමක

Report

“දිට්වා” සුළි කුණාටුවත් සමඟ හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන බගවන්තලාව ශාන්ත ‍මේරිස් විද්‍යාලයේ පහත් බිම්වල පිහිටි ගොඩනැගිලි 6ක් ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නිලධාරින්ගේ පරික්ෂාවට ලක්ව තිබෙනවා.

ඒ අනුව පාසලේ පන්ති කාමර කිහිපයක් සහ උසස් පෙළ විභාගය පවත්වාගෙන යන ගොඩනැගිලි කිහිපයක් තුළින් ජලය මතු වී ගිලා බැසීමේ අවධානමක් පවතින බවට එම විදුහලේ විදුහල්පතිවරයා විසින් නෝර්වුඩ් ප්‍රාදේශීය ලේකම්වරයාට දැනුම් දී ඇත.

එම දැනුම්දීම මත ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නිලධාරීන් විසින් මෙසේ එම පාසල වෙත පැමිණ අඳාළ පරික්ෂාව සිදු කර ඇත.

තවත් දරුණු නායයෑම් අවදානමක් - පුද්ගලයන් 806 දෙනෙක් පදිංචි ස්ථානවලින් ඉවත් කරයි

තවත් දරුණු නායයෑම් අවදානමක් - පුද්ගලයන් 806 දෙනෙක් පදිංචි ස්ථානවලින් ඉවත් කරයි

මෙම ශාන්ත මේරිස් විද්‍යාලයේ ක්‍රීඩාංගණයට සමගාමීව එම ගොඩනැගිලි 6 ඉදි කර තිබෙන අතර එම ක්‍රීඩාංගණය අසලින් බ්‍රිඩිවෙල් ඔය කෙසෙල්ගමුව ඔයට ගලා බසින බව වාර්තා වේ.

කාසල්රි ජලාශයට ජලය ගලා බසිනා කෙසෙල්ගමු ඔය පිටාර ගලන සෑම විටකදිම ශාන්ත මේරිස් විදුහලේ ක්‍රීඩාංගනය සහ එම ගොඩනැගිලි 6 නිරන්තරයෙන්ම ජලයට යට වෙන බව සඳහන්. ඉකුත් දිනවලද පැවති වර්ෂාවත් සමඟ එම පාසල් ක්‍රීඩාංගනය සහ ගොඩනැගිලි ජලයෙන් යටව තිබුණා.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නිලධාරින් එම ගොඩනැගිලි පරික්ෂා කිරිමේදී ඇතැම් ගොඩනැගිලි තුළින් ජලය කාන්දු වන බවට නිරික්ෂණය වී ඇති බව පවසයි.

එබැවින් එම පාසලේ ගොඩගැගිලි සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරි දින වලදී නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් වෙත ලබා දෙන බව ජාතික ගොඩනැගිලි පරියේෂණ ආයතනයේ නිලධාරින් විසින් පැවසු බව එම විදුහලේ විදුහල්පතිවරයා සඳහන් කරයි.

දෙසැම්බර් 16 ආරම්භ නොවන පාසල් ගැන නිල දැනුම්දීමක් - විවෘත කිරීමට නොහැකි පාසල් 147 මෙන්න

දෙසැම්බර් 16 ආරම්භ නොවන පාසල් ගැන නිල දැනුම්දීමක් - විවෘත කිරීමට නොහැකි පාසල් 147 මෙන්න

යතුරුපැදි ලියාපදිංචිය ගැන දැනුම්දීමක්

යතුරුපැදි ලියාපදිංචිය ගැන දැනුම්දීමක්