උසස් පෙළ දරුවන්ටයි මෙන්න මේ සුබම සුබ ආරංචිය..

Report

අ.පො.ස. (උසස් පෙළ) සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය විෂයයක් ලෙස හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සහ ජනාධිපති අරමුදල ඒකාබද්ධව පිරිනැමෙන ශිෂ්‍යත්ව වැඩසටහනේ 2024 - 2025 වර්ෂ සඳහා සඳහා අයදුම්පත් භාර ගැනීම දීර්ඝ කර තිබෙනවා.

උසස් පෙළ දරුවන්ටයි මෙන්න මේ සුබම සුබ ආරංචිය.. | Scholarships For Al Students

ඒ ජුනි මස 07 වනදා දක්වා ය.

මෙම ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ කටයුතු කඩිනමින් සිදු කිරීමට නියමිතව ඇත.

ඒ හේතුවෙන් සුදුසුකම් සම්පූර්ණ කර ඇති ශිෂ්‍ය ශිෂ්‍යාවන් තම අයදුම්පත්‍රය සම්පූර්ණ කර එදිනට පෙර තම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී හා ප්‍රාදේශීය ලේකම්ගේ නිර්දේශයද, පන්තිභාර ආචාර්යවරයාගේ, පාසලේ විදුහල්පතිගේ හා කලාප අධ්‍යක්ෂකගේ නිර්දේශය ද සහිතව ලේකම්, ජනාධිපති අරමුදල, අංක 35, තුන්වන මහල, ලේක්හවුස් ගොඩනැගිල්ල, ඩී.ආර්.විජේවර්ධන මාවත, කොළඹ 10 යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් පමණක් යොමු කළ යුතු වේ.

ශිෂ්‍යත්ව විභාගය ගැන විභාග කොමසාරිස් ජනරාල්වරයාගෙන් විශේෂ දැනුම්දීමක් මෙන්න.

ශිෂ්‍යත්ව විභාගය ගැන විභාග කොමසාරිස් ජනරාල්වරයාගෙන් විශේෂ දැනුම්දීමක් මෙන්න.


එමෙන්ම, ලිපි කවරයේ වම්පස ඉහළ කෙළවරෙහි අදාල ශිෂ්‍යත්ව වැඩසටහනේ නම සහ පාසල අයත් අධ්‍යාපන කලාපයේ නම සඳහන් කළ යුතු බව ජනාධිපති කාර්යාලය සඳහන් කළේ ය.

කෙසේ වෙතත්, මෙම ශිෂ්‍යත්ව වැඩසටහනෙහි අයදුම්පත් භාර ගැනීම මැයි මස 22 වනදායින් අවසන් වීමට නියමිතව තිබූ නමුත්, පසුගිය දින කිහිපය තුළ පැවති විවිධ පරිපාලන ගැටළු සහ පවතින අයහපත් කාලගුණික තත්ත්වයත් හේතුවෙන් අයදුම්පත් යොමු කිරීමට නොහැකි වූ සිසුන් විශාල සංඛ්‍යාවකගේ ඉල්ලීම මත මෙම දීර්ඝ කිරීම සිදු කර ඇත.