ශිෂ්‍යත්ව විභාගය ගැන විභාග කොමසාරිස් ජනරාල්වරයාගෙන් විශේෂ දැනුම්දීමක් මෙන්න.

Department of Examinations Sri Lanka Grade 05 Scholarship examination Education Latest Headlines School Children
By krishani May 27, 2024 02:07 AM GMT
krishani

krishani

Report

අද (27) දින සිට ශිෂ්‍යත්ව විභාගයට අදාළව මාර්ගගත ක්‍රමය ඔස්සේ අයදුම්පත්‍ර භාර ගැනීම ආරම්භ කෙරෙයි.

ශිෂ්‍යත්ව විභාගය ගැන විභාග කොමසාරිස් ජනරාල්වරයාගෙන් විශේෂ දැනුම්දීමක් මෙන්න. | Grade 05 Scholarship Examination

ඒ බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා සඳහන් කළේ ය.

ඒ අනුව ජුනි මස 14 වන දින දක්වා මාර්ගගත ක්‍රමය ඔස්සේ අයදුම්පත්‍ර භාරගැනීම සිදු කරයි.

ජුනි මස 14 වන දින මධ්‍යම රාත්‍රී 12න් පසුව මාර්ගගත ප්‍රවේශය අවසන් කෙරෙන අතර කිසිදු හේතුවක් මත අයදුම්පත්‍ර භාරගැනීමේ අවසන් දිනය දීර්ඝ නොකරන බව ඒ මහතා සඳහන් කළේ ය.

රජයේ පාසලක හෝ රජය විසින් අනුමත කරන ලද පාසලක පහ ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන්ට පමණක් ශිෂ්‍යත්ව විභාගයට ඉදිරිපත් විය හැකිය.

අඩු ආදායම් සහිත 2025 වසරේ ජනවාරි මස 31 වන දිනට වයස 11ට අඩු සිසුන්ට පමණක් ශිෂ්‍යාධාර ලැබීමට සුදුසුකම් හිමි වේ.

ඉදිරි කාලය රටටම තීරණාත්මකයි?.. විදුලි බල මණ්ඩලයෙන් විශේෂ දැනුම්දීමක් මෙන්න..

ඉදිරි කාලය රටටම තීරණාත්මකයි?.. විදුලි බල මණ්ඩලයෙන් විශේෂ දැනුම්දීමක් මෙන්න..


https://onlineexams.gov.lk/onlineapps/ යන වෙබ් අඩවිය වෙත පිවිසීමෙන් අයදුම්පත්‍ර ඉදිරිපත් කිරිමට හැකියාව පවති.

මේ සම්බන්ධයෙන් ගැටලු පවතී නම් විභාග දෙපාර්තමේන්තුවේ හදිසි ඇමතුම් අංක 1911 හෝ 011-2 784537 , 0112 786616‍, 0112 784208 යන දුරකථන අංක ඇමතීමෙන් වැඩිදුර තොරතුරු ලබාගත හැකි බව ද විභාග කොමසාරිස් ජනරාල්වරයා පැවසීය.

කෙසේ වෙතත්, මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සැප්තැම්බර් මස 15 වන ඉරුදින පැවැත්වීමට නියමිතය.