5 වසර ශිෂ්‍යත්වය විභාගය අගෝස්තු මස 10 වනදා

Report

5 ශ්‍රේණිය සිසුන් සඳහා පැවැත්වෙන ශිෂ්‍යත්වය විභාගය අගෝස්තු මස 10 වනදා පැවැත්වෙන බව නිවේදනය කර තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් විභාග කොමසාරිස් ජනරාල් එච්. ජේ. එම්. සී. අමිත් ජයසුන්ද මහතා මේ බව දැනුම් දී තිබෙනවා.

ශ්‍රී ලංකාවෙන් මියන්මාරයට දෙන මිලියන ගානක මනුස්සකම

ශ්‍රී ලංකාවෙන් මියන්මාරයට දෙන මිලියන ගානක මනුස්සකම

එම නිවේදනයේ දැක්වෙන පරිදි, 2025 අප්‍රේල් මස 04 දින සිට 2025 අප්‍රේල් මස 30 වන දින දක්වා මාර්ගගතව (online) අයදුම්පත් කැඳවනු ලබනවා. ‍

එමෙන්ම 2025 අප්‍රේල් මස 30 දින මධ්‍යම රාත්‍රී 12.00 පැයට මාර්ගගත ප්‍රවේශය වසා තබන අතර, කිසිඳු හේතුවක් මත අයදුම්පත් භාර ගැනීමේ අවසන් දිනය දීර්ඝ නොකරන බව අවධාරණය කර තිබෙනවා.

හිතාගන්නවත් බැරි අඩු මිලකට දෙන පෝෂ්‍යදායි ආහාර වේලක් හැමෝටම

හිතාගන්නවත් බැරි අඩු මිලකට දෙන පෝෂ්‍යදායි ආහාර වේලක් හැමෝටම

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට ඉදිර්පත් විය හැක්කේ රජයේ පාසලක හෝ රජය විසින් අනුමත කරනු ලැබූ පාසලක 5 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන්ට පමණි.

ශිෂ්‍යාධාර ලැබීමට සුදුසුකම් ලබන්නේ අඩු ආදායම් සහිත 2026 ජනවාරි 31 වන දිනට වයස අවුරුදු 11ට අඩු සිසුන් පමණි.

අයදුම් කිරීමට අදාළ උපදෙස් හා ව්‍යවස්ථාව https://onlineexams.gov.lk/eic වෙත පිවිසීමෙන් ලබාගත හැකිය.

විශේෂ අවශ්‍යතා ඇති සිසුන් පිළිබඳව ඉල්ලුම් කළ යුතු ආකාරය පිළිබඳ උපදෙස් විස්තරාත්මකව උපදෙස් පත්‍රිකාවේ සඳහන් කර ඇති බව සඳහන් වනවා.

දුරකථන අංක - 011-2784537, 011-2786616, 011-2784208 011-2786200, 011-2784201,

විද්‍යුත් ලිපිනය - http://gr5schexam@gmail.com

ක්ෂණික දුරකථන අංකය - 1911

ෆැක්ස් අංකය - 011-2784422

නාමල් නීතීඥයෙක් ද..? - නීති උපාධිය ගැන පරීක්ෂණයක්

නාමල් නීතීඥයෙක් ද..? - නීති උපාධිය ගැන පරීක්ෂණයක්

අප්‍රේල් 01 වැනිදා සිට බෝතල් කළ පානීය ජලයට වෙච්චදේ මෙන්න!

අප්‍රේල් 01 වැනිදා සිට බෝතල් කළ පානීය ජලයට වෙච්චදේ මෙන්න!