නාමල් නීතීඥයෙක් ද..? - නීති උපාධිය ගැන පරීක්ෂණයක්

By Shehan Apr 03, 2025 10:33 AM GMT
Report

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා තම නීතිඥ බව වංචනික ලෙස ලබාගෙන ඇත්ද යන්න පිළිබඳව විමර්ශන පවත්වා අධිකරණයට කරුණු ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය අද (03) දින රහස් පොලිසියට නියෝග කළාය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකකය විසින් නාමල් රාජපක්ෂ මහතාගේ නීතිඥ බව ලබාගැනීම සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කළ තොරතුරු සලකා බැලීමෙන් අනතුරුව ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය ලබා දුන්නාය.

කෙහෙළිය, දී.මූ හා ටී.බි දෙන්නම් කියලා සල්ලි අරන්.. - හිටපු මැති ඇමතිවරු ගත් මුදල් ගැන CID විමර්ශන ඇරඹේ!

කෙහෙළිය, දී.මූ හා ටී.බි දෙන්නම් කියලා සල්ලි අරන්.. - හිටපු මැති ඇමතිවරු ගත් මුදල් ගැන CID විමර්ශන ඇරඹේ!

රහස් පොලිසිය විසින් අධිකරණයට විමර්ශන වාර්තාවක් ඉදිරිපත් කරමින් සඳහන් කළේ, අල්ලස් හෝ දූෂණය පිටුදැකීමේ පුරවැසි බලය විසින් කළ පැමිණිල්ලක් මත පදනම්ව මෙම විමර්ශනය ආරම්භ කළ බවයි.

නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ විභාගයට මුහුණ දෙමින් නීතිඥ බව ලබාගැනීමේදී වංචාවක් සිදු කර ඇත්ද යන්න පිළිබඳව තවදුරටත් විමර්ශන කටයුතු සිදු කරන බවත්, ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ ලිපිලේඛන පරීක්ෂා කරමින් එම විමර්ශනය ආරම්භ කර ඇති බවත් ඔවුන් වැඩිදුරටත් පැවසුවාය.

කොරියානු භාෂා විභාගය ගැන විශේෂ දැනුම්දීමක්!

කොරියානු භාෂා විභාගය ගැන විශේෂ දැනුම්දීමක්!