ස්කෑන් පරීක්ෂාවෙන් චෙම්මනි සුසාන භූමිය ගැන තවත් අමිහිරි ඇත්තක් හෙළිවෙයි

Report

යාපනය, චෙම්මනි සුසාන භූමිය ආසන්නයේ ඇති සමූහ මිනීවල අවට ප්‍රදේශය ස්කෑන් පරීක්ෂාවකට ලක්කර ඇති බව වර්තා වේ.

ඒ අනුව යාපනය මහේස්ත්‍රාත් අධිකරණය විසින් ලබාදුන් අවසරයක් අනුව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තාක්ෂණික පීඨයේ විශේෂඥ කණ්ඩායමක් විසින් අඳාළ ස්කෑන් පරීක්ෂාව සිදුකර ඇති බව සඳහන්.

රාජ්‍ය පෞද්ගලික අංශ දෙකේම මේ අයට මේ නිවාඩු අනිවාර්යයි

රාජ්‍ය පෞද්ගලික අංශ දෙකේම මේ අයට මේ නිවාඩු අනිවාර්යයි

මෙම ස්කෑන් පරීක්ෂාව හරහා අස්ථි කොටස් හමුවූ භූමිය තුළ තවත් මිනිස් අස්ථි කොටස් පවතින්නේද යන්න සම්බන්ධයෙන් විමර්ශනය කර ඇත. එහිදී හෙළිව ඇත්තේ චෙම්මනි සුසාන භුමිය ආසන්නයේ තවත් අස්ථි කොටස් පවතින බවයි.

මේ අතර මානව හිමිකම් කොමිෂන් සභාවේ නියෝජිතයින් පිරිසක්ද ඊයේ සිදුකළ මෙම ස්කෑන් පරික්ෂාවට එක්ව සිටි බවට තොරතුරු වාර්තා විය. එසේම සමූහ මිනිවලේ කැනීම් තුළින් දැනට මිනිස් සිරුරු 130 ක පමණ අස්ථි කොටස් හමුවී තිබෙනවා.

අද මේ අයට පැය 12ක් වතුර නෑ

අද මේ අයට පැය 12ක් වතුර නෑ

ඉන් 120කගේ පමණ අස්ථි කොටස් ගොඩගෙන ඇත.

එමෙන්ම සමූහ මිනිවල සීමාවෙන් හමුවු මිනිස් අස්ථි නොවන අනෙකුත් ද්‍රව්‍ය අද පස්වරු කාලයේ හදුනා ගැනීමේ පරීක්ෂාවක් සඳහා මහජන ප්‍රදර්ශනයට තැබීමට ද නියමිතව තිබෙනවා.

සිකුරා ලබන,මිල මුදල් යහමින් ලැබී දියුණුවට මං පාදන අද ලග්න පලාපල

සිකුරා ලබන,මිල මුදල් යහමින් ලැබී දියුණුවට මං පාදන අද ලග්න පලාපල