පුංචි ආකාශ්ගේ ජීවිතය බේරා ගත් සසිදු ..

Puttalam Sri Lanka Latest Headlines
By Piyumika Jul 08, 2024 09:10 AM GMT
Piyumika

Piyumika

Report

අසල්වැසි නිවසකට ගොස් එමින් සිටියදි ගෙවත්තේ තිබූ ළිඳට වැටුණු අවුරුදු හතරක් වයසැති පුතෙකුගෙ දිවි බේරීමට සිය දිවි ද නොතකා කටයුතු කළ 15 හැවිරිදි පුතෙකු පිලිබදව පුත්තලම මහකුඹුක්කඩවල කිවුල ගම්මානයෙන් වාර්තා වේ.

මෙම වීර ක්‍රියාව සිදු කර ඇත්තේ කිවුල පිරිවෙනේ 10 ශ්‍රේණියේ අධ්‍යාපනය හදාරන සසිදු නිම්සර නැමති 15 හැවිරි දරුවෙකි.

අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට අදාල වෙඩික්කරුගේ වාහනය කඩුවෙලින් හමුවේ..අතුරුගිරිය වෙඩි තැබීමේ CCTV දර්ශන එළියට..

අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට අදාල වෙඩික්කරුගේ වාහනය කඩුවෙලින් හමුවේ..අතුරුගිරිය වෙඩි තැබීමේ CCTV දර්ශන එළියට..

මෙම අවාසනාන්ත ඉරණමට මුහුණ දුන් සිව් හැවිරිදි ආකාශ් නෙතුමිණි පුංචි පුතු ඔහුගේ නිවස ඉදිරිපිට ඇති සසිදුගේ නිවසට නිතර පැමිණිමට පුරුද්දක් ව පැවති බව පවසයි .

සිද්ධිය වූ දින ඔහු එම නිවසට ගොස් යළි සිය නිවසට එමින් සිටියදී මෙම සිදුවීමට මුහුණ පා තිබේ. අඩි 36 කට වඩා වැඩි ගැඹුරකින් යුතු එම ලිදේ තිබු ආරක්ෂිත පැති බැම්ම පසුගිය කාලයෙ පැවති මහ වැසි සමග ලිදට කඩා වැටි ඇත.

අයියාව නහවා ගෙට ගෙනගිය ටිකට තුන් හැවිරිදි මල්ලී ටැංකියට වැටී මරුට..

අයියාව නහවා ගෙට ගෙනගිය ටිකට තුන් හැවිරිදි මල්ලී ටැංකියට වැටී මරුට..

චුටි මල්ලිට මම බත් කවමින් හිටියේ ඒයා බත් කාලා ඉවර වෙලා වතුර බීලා ගෙදර යනවා කිව්වා.මම කුස්සියට ගිහින් පිගාන සෝදලා එළියට එද්දි “සසිදු අයියේ ,, කියලා මල්ලී කෑගහනවා ඇහුනා මම ඉක්මනට පිගාන තියලා එළියට දුව ගෙන ආවා සද්දයක් නැති නිසා මම ළිද ළඟට දිව්වා . ලිදේ වතුර කැලැත්නෙනවා දැක්කා.ඒ එක්කම මල්ලී ලිද ඇතුලෙන් උඩ මතුවුණා මම එකපාරම ලිදට පැන්නා. පැනපු ගමන් උඩ ආපු මල්ලීව අල්ලගෙන ඒ එක්කම මෝටරයට දාලා තිබුන බට වල එල්ලුනා ‘ යැයි සසිදු පැවසුවේය.

පුංචි ආකාශ්ගේ ජීවිතය බේරා ගත් සසිදු .. | Saving The Life Of A Four Year Old Child

පුංචි ආකාශ්ගේ ජීවිතය බේරා ගත් සසිදු .. | Saving The Life Of A Four Year Old Child