අයියාව නහවා ගෙට ගෙනගිය ටිකට තුන් හැවිරිදි මල්ලී ටැංකියට වැටී මරුට..

Report

මිද්දෙනිය වික්‍රම මාවත නැගෙනහිර ප්‍රදේශයේ දී අවුරුදු තුනක් වයසැතිකුඩා පිරිමි දරුවෙකු මසුන් ඇතිකරන ජල ටැංකියකට වැටී මියගොස් ඇතැයි මිද්දෙනිය පොලිසිය පැවසීය .

මෙලෙස මියගොස් ඇත්තේ, නැගෙනහිර මිද්දෙනිය ලිපිනයේ පදිංචිව සිටි සමරකෝන් මුදියන්සේ ලාගේ අයෝන් කොවිජ නමැති දරු සිගිත්තාය.

ලක්ෂ 11ක දඩයක් නියම වෙන්න වනිදු මොකක්ද මේ කරල තියෙන්නෙ ...

ලක්ෂ 11ක දඩයක් නියම වෙන්න වනිදු මොකක්ද මේ කරල තියෙන්නෙ ...

දරුවාගේ මව සිය නව හැවිරිදි දරුවා සහ මියගිය තුන් හැවිරිදි දරුවා රාත්‍රි ආහාරය ගැනීමෙන් පසු ඔවුන්ගේ ඇග සෝදා නින්දට යැවීමට නිවස පිටත තනා ඇති ජල ටැංකිය වෙත කැදවා ගෙන ගොස් තිබේ .

නව හැවිරිදි දරුවාගේ ඇග සේදූ මව කුඩා දරුවා ජල ටැංකිය අසල සිටියදී වැඩිමහල් දරුවා සමග නිවස තුලට ගොස් ඇත.

මහනුවර අධ්‍යාපන චාරිකාවක් ආ කොළඹ ප්‍රසිද්ධ පාසලක ගුරුවරියක් හදිසියේ මියයයි..

මහනුවර අධ්‍යාපන චාරිකාවක් ආ කොළඹ ප්‍රසිද්ධ පාසලක ගුරුවරියක් හදිසියේ මියයයි..

නැවත පැමිණ සොයා බැලීමේදී කුඩා දරුවා ජල ටැංකිය තුලට වැටී සිටිනු දැක ඔහු ගොඩට ගෙන මිද්දෙනිය රෝහලට ඇතුළත් කර තිබේ .

මිද්දෙනිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී කුඩා දරුවා ජීවිතක්ෂයට පත්වූ බවයි සදහන් වනුයේ .