අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට අදාල වෙඩික්කරුගේ වාහනය කඩුවෙලින් හමුවේ..අතුරුගිරිය වෙඩි තැබීමේ CCTV දර්ශන එළියට..

By Piyumika Jul 08, 2024 08:37 AM GMT
Report

අතුරුගිරිය, ඔරුවල ප්‍රදේශයේ අද (08) උදෑසන සිදුවූ වෙඩි තැබීමට වෙඩික්කරුවන් පැමිණි වාහනය කඩුවෙල, කොරතොට ප්‍රදේශයෙන් දමා ගොස් තිබියදී සොයා ගෙන තිබේ .

අතුරුගිරිය, ඔරුවල ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් 'ක්ලබ් වසන්ත' නමැත්තා ඇතුළු ඖඑකු ජීවිතක්ෂයට පත් විය.

ඒ අතුරුගිරිය ප්‍රදේශයේ ව්‍යාපාරික ආයතනයක් විවෘත කිරීමේ උත්සවයකට සහභාගි වූ අවස්ථාවේදීයි. එම වෙඩි තැබීමෙන් තුවාල ලැබූ 06 දෙනෙකු රෝහල් ගතකළ අතර, බරපතළ තත්ත්වයෙන් පසුවන ගායන ශිල්පිණී කේ. සුජීවාද ඒ අතර වේ.

ගල්කිස්ස පොලිස් අධිකාරි කර්යාලයේ ගින්නෙන් දේපළ රැසකට හානී..

ගල්කිස්ස පොලිස් අධිකාරි කර්යාලයේ ගින්නෙන් දේපළ රැසකට හානී..

එහිදී හෝමාගම මූලික රෝහල වෙත ඇතුලත් කළ ඇයව කොළඹජාතික රෝහල වෙත හදිසි ප්‍රථිකාර සඳහා මාරුකර යවා තිබේ.

කෙසේ වෙතත් මෙම වෙඩි තැබීම සිදුකළේ කවුරුන්ද යන්න හෝ මෙම වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

අද (08) උදෑසන අතුරුගිරිය නගරයේ සිදුවූ වෙඩි තැබීමේ CCTV දර්ශන මේ වනවිට මාධ්‍යයට නිකුත් කර තිබේ.