මම ඉන්නේ පොලිසිය හෝ හාමුදුරුවෝ පැත්තේ නෙවෙයි.. වින්දිත දැරිය වෙනුවෙන් සරෝජා

Report

අපයෝජනයට ලක්වූ බවට වාර්තා වන දැරියගේ උපරිම යහපත වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටින බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍යවරිය සරෝජා පෝල්රාජ් පවසයි.

ඇය සඳහන් කළේ, වාර්තා වන සෑම සිදුවීමක් සම්බන්ධයෙන්ම ස්වාධීනව ක්‍රියාත්මක වීමට අදාළ රාජ්‍ය ආයතනවලට ජාතික ජනබලවේග ආණ්ඩුව අවස්ථාව ලබාදී ඇති බවය.

මෙම සිදුවීමේදී තමන් පෙනී සිටින්නේ පොලිසිය හෝ ස්වාමීන් වහන්සේ වෙනුවෙන් නොව, වින්දිත දැරියගේ ආරක්ෂාව සහ යහපත වෙනුවෙන් බවද අමාත්‍යවරිය අවධාරණය කළාය.

බාලවයස්කාර දැරියක අපයෝජනයට ලක් කිරීමේ සිද්ධියකට පල්ලේගම හේමරතන හිමියන් අත්අඩංගුවට

බාලවයස්කාර දැරියක අපයෝජනයට ලක් කිරීමේ සිද්ධියකට පල්ලේගම හේමරතන හිමියන් අත්අඩංගුවට

එමෙන්ම ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වෙත උපරිම මැදිහත්වීමක් සිදුකිරීමට අවශ්‍ය පසුබිම සකසා ඇති බවත්, නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන් ආරක්ෂා කිරීම සඳහාද තමන් පෙනී සිටින බවත් ඇය ප්‍රකාශ කළාය.

නීතිය ක්‍රියාත්මක කිරීමේදී කිසිදු පාර්ශ්වයක බලපෑමකට ඉඩ නොදෙන බවට සහතික වන බවද අමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළාය.

කපිලගේ අවසන් කටයුතු ඉවර වෙනවත් එක්කම එළියට ආපු ඇත්තක් - මැරෙද්දි බෙල්ලේ තිබුණු පටිය ගෙනාපු හැටියි, ගේන්න කියපු කෙනයි සියල්ල හෙළි වෙයි

කපිලගේ අවසන් කටයුතු ඉවර වෙනවත් එක්කම එළියට ආපු ඇත්තක් - මැරෙද්දි බෙල්ලේ තිබුණු පටිය ගෙනාපු හැටියි, ගේන්න කියපු කෙනයි සියල්ල හෙළි වෙයි