සඟ සමුළුව අද කොළඹදී, හදිසියෙම මෙන්න හේතුව

Report

මහා සඟ සමුළුවක් අද (20) පැවැත්වීමට නියමිතව ඇත.

එ වර්තමානයේ බුදුදහමට හා මහා සංඝරත්නයට එල්ලවෙමින් පවතින බලපෑම් සම්බන්ධයෙන් ජනතාව දැනුම්වත් කිරීමේ අරමුණිනි.

එම සමුළුව අද පස්වරු 2.00ට බෞද්ධ මහා සම්මේලනය මූලස්ථානයේදී ආරම්භ කිරීමට නියමිත බව වාර්තා වේ.

 මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි සඳහන් කළේ මෙම සඟ සමුළුව කිසිදු දේශපාලන අරමුණක් මත සංවිධානය කරන ලද්දක් නොවන බවයි.

හිටපු ජනපති රනිල්ගේ බිරිඳ මෛත්‍රී වික්‍රමසිංහ අද FCIDයට

හිටපු ජනපති රනිල්ගේ බිරිඳ මෛත්‍රී වික්‍රමසිංහ අද FCIDයට

වර්තමානයේ භික්ෂූන් වහන්සේලාට එල්ලවී ඇති විවිධ බලපෑම්වලට විරෝධය පළ කිරීම සහ ඒ පිළිබඳ ජනතාව දැනුම්වත් කිරීම මෙම සමුළුවේ ප්‍රධාන අරමුණ බවත් උන්වහන්සේ තව දුරටත් පෙන්වා දෙයි.

ඒ වගේම බෙදුම්වාදයට සහ බෙදුම්වාදී බලවේගවලට එරෙහිව කටයුතු කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා මහජන පෙත්සමකට අත්සන් ලබා ගැනීමේ වැඩසටහන ඊයේ (19) ආරම්භ වී තිබේ.

  එම මහජන පෙත්සමට අත්සන් ලබා ගැනීම පැපිලියාන සුනේත්‍රාදේවී මහා පිරිවෙන පරිශ්‍රයේදී ආරම්භ වූ බව වාර්තා වේ.

මෙම වැඩසටහන මැදගොඩ අභයතිස්ස හිමි, ඉඳුරාගාරේ ධම්මරතන හිමි සහ මල්වානේ චන්දරතන හිමි යන මහචාර්ය පූජ්‍ය හිමිවරුන්ගේ මූලිකත්වයෙන් පැවැත්විණි.

ගුණදාස අමරසේකර සහ කල්‍යානන්ද තිරාණගම ඇතුළු ජාතික සංවිධාන 60කට අධික සංඛ්‍යාවක සාමාජිකයින් ද එම අවස්ථාවට සහභාගී වී තිබුණි.

 සංවිධායකවරුන් සඳහන් කළේ මෙම මහජන පෙත්සම ඉදිරි දිනකදී ජනාධිපතිවරයා වෙත භාරදීමට නියමිත බවයි.

  

මෙන්න මේ ලග්න වලට කිරි උතුරන්න හරි යනවා, අද ලග්න පලාපල

මෙන්න මේ ලග්න වලට කිරි උතුරන්න හරි යනවා, අද ලග්න පලාපල