සනත්ගේ පුහුණුකාර තනතුරට මොකද වුනේ?.. ක්‍රිකට් විධායක කමිටුව ගත්ත තීරණය මෙන්න .. (PHOTO)

Report

ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස සනත් ජයසූරිය පත් කිරීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.

පාර්ලිමේන්තු මැතිවරණය ගැන සිසිර ජයකොඩි හදිසියේ ගත් තීරණය ...

පාර්ලිමේන්තු මැතිවරණය ගැන සිසිර ජයකොඩි හදිසියේ ගත් තීරණය ...

ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වනුයේ .

ඒ, අනුව සනත් ජයසූරිය 2026 විස්සයි විස්ස ලෝක කුසලානය දක්වා ශ්‍රී ලංකා පිරිමි ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරනු ඇති.

මෙම මාර්ගයේ වාහන ධාවනය කරන්නන්ට පොලිසියෙන් විශේෂ දැනුම්දීමක්..

මෙම මාර්ගයේ වාහන ධාවනය කරන්නන්ට පොලිසියෙන් විශේෂ දැනුම්දීමක්..

ජයසූරිය ජාතික කණ්ඩායමේ අන්තර්කාලීන ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ අවස්ථාවේ ඉන්දියාව, එංගලන්තය සහ නවසීලන්තයට එරෙහිව ශ්‍රී ලංකා කණ්ඩායම දැක්වූ දස්කම් සැලකිල්ලට ගනිමින් මෙම තීරණයට එළඹ ඇත.

මෙම පත්වීම 2024 ඔක්තෝබර් 01 දින සිට බලාත්මක වන අතර, 2026 මාර්තු 31 අවසන් වේ.

සනත්ගේ පුහුණුකාර තනතුරට මොකද වුනේ?.. ක්‍රිකට් විධායක කමිටුව ගත්ත තීරණය මෙන්න .. (PHOTO) | Sanath To Head Coach Of Sri Lanka