සනත් ජයසූරියට ක්‍රිකට් හී ලැබුණු අලුත් තනතුර
By Dhananjaya
ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා උපුල් තරංගගේ සභාපතීත්වයෙන් යුතු නව තේරීම් කමිටුවක් පත්කිරීමට ක්‍රීඩා අමාත්‍යවරයා පසුගියදා තීරණය කළ අතර ඊට සමගාමීව තවත් වෙනස්කම් රැසක් සිදුකිරීමට නියමිතව තිබේ.
ඒ් අනුවසනත් ජයසූරිය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උපදේශකවරයෙකු ලෙස පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.
කෙසේ වෙතත් මේ පිළිබඳව සාකච්ඡා තවමත් පැවැත්වෙන අතර අවසන් ඒකඟතාවකට තවම එළැඹ නොමැති බවත් ක්‍රිකට් පිලේ පුහුණු උපදේශකවරයෙකු ලෙස මහේල ජයවර්ධන කටයුතු කරන අතරවාරයේ ඊට අමතරව සනත් ජයසූරිය උපදේශකවරයෙකු ලෙස පත් කිරීමට නියමිත බවත් සඳහන් වෙයි.
ඒ් අනුව මහේලට ක්‍රිකට් සංවර්ධන අංශයට අදාල වගකීම් පැවරී ඇති නමුත් ජයසූරියට නව විෂය පථයක වගකීමක් පැවරෙනු ඇති බව වාර්තාවෙයි.