සමෘද්ධිය ගැන ගත් අලුත්ම තීරණය.
By Wayomi
දේශපාලන අත පෙවීම් හා විවිධ ඕනෑ එපා කම් හේතුවෙන් පසුබෑමකට ලක්වූ සමෘද්ධි ව්‍යාපාරය යළි පණ ගැන්වීමට රජය තීරණය කර ඇති බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග සඳහන් කළා.
ඔහු කියා සිටියේ, සමෘද්ධි ව්‍යාපාරය යළි පණගැන්වීම සඳහා ජාතික වැඩපිළිවෙලක් දැනටමත් ආරම්භ කර ඇති බවයි.

මෙවර උසස් පෙළ සමතුන්ට මෙන්න සුබ ආරංචියක්. - විශ්වවිද්‍යාල අයදුම්පත් කැඳවන දිනය සහ අවසන් දිනය දැනුම් දෙයි.
අමාත්‍යවරයා මේ බව කියා සිටියේ, සමෘද්ධි සංවර්ධන දෙපාර්තුමේන්තුවේ සමෘද්ධි බැංකු මුලස්ථාන හා ප්‍රජා මූල බැංකු කළමනාකරුවන්, සමෘද්ධි වෘත්තිය සමිති නියෝජිතයන් සහ සමෘද්ධි නිලධාරීන් සමඟ පැවැත්වු සාකච්ඡාවකදීයි.
ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී එම සාකච්ඡාව පැවැත් වුණු අතර “අලුත් ගමක් - අලුත් රටක්”සුභ සාධක රාජ්‍යයෙන් නිෂ්පාදන රාජ්‍යයක් වෙත යනුවෙන් නව වැඩසටහන නම් කර ඇත.
