දෙයියනේ! අනූ නවයෙන් බේරුනේ! - මුහුදුබඩ දුම්රිය මාර්ගයේ එක් මාර්ගයක් ඇරෙද්දි තවත් දුම්රිය මාර්ගයක් වැසුණු හැටි. - (VIDEO)
By Wayomi
පානදුර දුම්රිය ස්ථානය ආසන්නයේදී දුම්රියක් පිලී පැනීමෙන් අවහිර වී තිබූ මුහුදුබඩ දුම්රිය මාර්ගයේ එක් මාර්ගයක් ධාවන කටයුතු සඳහා විවෘත කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.
ඒ, අනුව තවදුරටත් එම මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.

මෙවර උසස් පෙළ සමතුන්ට මෙන්න සුබ ආරංචියක්. - විශ්වවිද්‍යාල අයදුම්පත් කැඳවන දිනය සහ අවසන් දිනය දැනුම් දෙයි.
අද (13) පෙරවරුවේ පානදුර දුම්රිය ස්ථානයෙන් ආරම්භ වූ දුම්රියක් පීලි පැනීමට ලක්වූ අතර මේ හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ලවී තිබුනා.
එම දුම්රිය පීලි පැනීමට ලක්වන ආකාරය අසල තිබූ CCTV කැමරාවක ද සටහන් වී ඇති අතර දුම්රිය පීලි පැනීමක් හේතුවෙන් උඩරට මාර්ගයේ ද දුම්රිය ධාවනයට බාධා එල්ලවී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
බදුල්ල සිට කොළඹ බලා ධාවනය වන සීඝ්‍රගාමී දුම්රිය තලවකැලේ හා වටගොඩ දුම්රිය ස්ථාන අතර ප්‍රදේශයේදී මෙලෙස පීලි පැනීමට ලක්වී ඇති බව සඳහන්.
