රනිල් - මහින්ද ජයග්‍රහණයක් අවශ්‍ය නම් දැන්වත් එකතු වෙන්න.. ආණ්ඩුවට කෙළවුනු තැන ගැන සමන්තභද්‍ර හිමි මතක් කරපු හැටි

Report

පූජ්‍ය සිරි සමන්තභද්‍ර හිමි ඊයේ (24) උමංදාව ආශ්‍රමයේ පැවැති තම ජන්ම දින සැමරුම් අවස්ථාවේදී රට පාලනය තමන් වහන්සේට භාර දුන්නහොත් වසර තුනක කෙටි කාලයකදී මුළු රටම සංවර්ධනය කර පෙන්වීමට සූදානම් බව ප්‍රකාශ කළහ.

උන්වහන්සේගේ ජන්ම දිනය නිමිත්තෙන් සංවිධානය කළ දානමය පුණ්‍යකර්මයට සහ ආගමික උත්සවයට එක්ව සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, ශිරන්ති රාජපක්ෂ මහත්මිය, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු මැති ඇමතිවරුන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

රජයේ ක්‍රියාකලාපය දැඩි ලෙස විවේචනය කළ උන්වහන්සේ ප්‍රකාශ කළේ, දක්ෂයන්ට සහ වැඩ කරන මිනිසුන්ට වල කැපීමෙන් රටක් දියුණු කළ නොහැකි බවයි.

උමංදාව ආශ්‍රමය හරහා පසුගිය වසර 9ක කාලය තුළ සිදුකළ ජාතික මෙහෙවර සිහිපත් කළ උන්වහන්සේ, විශේෂයෙන් අධ්‍යාපන ක්ෂේත්‍රයේ සුවිශාල සේවාවක් ඉටුකර ඇති බවත්, ඊශ්‍රායලය වැනි රටවල් ඉලක්ක කරගෙන ශ්‍රමිකයන් පන්දහසක් පුහුණු කළ හැකි මධ්‍යස්ථානයක් බවට උමංදාව පරිශ්‍රය පත්කර ඇති බවත් සඳහන් කළහ.

රනිල් - මහින්ද ජයග්‍රහණයක් අවශ්‍ය නම් දැන්වත් එකතු වෙන්න.. ආණ්ඩුවට කෙළවුනු තැන ගැන සමන්තභද්‍ර හිමි මතක් කරපු හැටි | Samanthabhadra Thero I Ll Build Country 3 Years

නමුත් වත්මන් රජය යටතේ එම සේවාවන් අඩපණ කර ඇති බව චෝදනා කළ උන්වහන්සේ කීවේ, උමංදාව හරහා පවත්වාගෙන ගිය රෝහල් වසා දමා ඇති බවත්, වකුගඩු රෝගීන් වෙනුවෙන් ඉදිකළ ජල පිරිපහදු පද්ධති ක්‍රියාවිරහිත කර ඇති බවත්ය.

මහින්ද රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ යන හිටපු ජනාධිපතිවරුන් මෙම සේවාවන් සඳහා ආශීර්වාද කළ බවත්, වත්මන් රජය සෘණාත්මක මනසකින් යුතුව එම වැඩපිළිවෙළට බාධා පමුණුවන බවත් උන්වහන්සේ වැඩිදුරටත් ප්‍රකාශ කළහ.

අභියෝග හමුවේ සන්ධානගත විය යුතු බව පෙන්වා දුන් උන්වහන්සේ කීවේ, එලෙස නොවුණහොත් තමන් ඇතුළු සියල්ල දුර්වල වන බවයි.

සමාජ මාධ්‍ය ක්‍රියාකාරි සේපාල අමරසිංහ සහ ඉරාජ් වීරරත්න යන අය සමඟ ද අදහස් හුවමාරු කරගත් උන්වහන්සේ, මතවාද පැත්තක තබා රටේ අනාගතය වෙනුවෙන් සියලු දෙනා එකා මෙන් පෙළගැසිය යුතු බව අවධාරණය කළහ.

රනිල් - මහින්ද ජයග්‍රහණයක් අවශ්‍ය නම් දැන්වත් එකතු වෙන්න.. ආණ්ඩුවට කෙළවුනු තැන ගැන සමන්තභද්‍ර හිමි මතක් කරපු හැටි | Samanthabhadra Thero I Ll Build Country 3 Years

“ජයග්‍රහණයක් අවශ්‍ය නම් දැන්වත් එකතු වෙන්න,” යනුවෙන් උන්වහන්සේ එහිදී ඉල්ලා සිටියහ.

“සංඝ සම්මේලනය මම කළා නම් මම ඒක හරියට කරනවා. දැන් බලන්න මෙතන (උමංදාව) කරලා තියෙන විදිහ, හදලා තියෙන විදිහ හොඳ නැද්ද? මෙතන තියෙන අඩුපාඩු කියන්න බලන්න. සුදුස්සාට සුදුසු තැන දෙන්න ඕනේ. බුදුහාමුදුරුවෝ පවා සංඝ සම්මේලනය පටන් ගත්තේ පස්දෙනෙකුගෙන්. ඒක පොසිටිව් (Positive) පැත්තෙන් දකින්න ඕනේ. මේ පොසිටිව් වයිබ් එක රට පුරා විහිදුවන්න ඕනේ, එහෙම නැති වුණොත් අපි මහා ගොබ්බ ජාතියක් වෙනවා

ලස්සනම කහ පාට කුරුල්ලාට සිවුරු හොරා කියනවා, ලස්සනම සුදු කුරුල්ලාට සුදු රෙදි හොරා කියනවා. ඔයාලා හැමදාම කළේ ලස්සන සහ වැඩක් කරන මිනිසුන්ට හොරා කියන එකයි. ඒ නිසා තමයි අද ඔයාලට කෙළවෙලා තියෙන්නේ. වැඩ කරන මිනිහාට ඉඩ දෙන්න, අපි වැඩ කරලා පෙන්වන්නම්. කෘෂිකර්මාන්තය වුණත් ගොඩනගලා පෙන්වන්න අපට පුළුවන්.”


GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery