ජනාධිපති අනුර කුමාරගෙන් අතිවිශේෂ ගැසට් නිවේදනයක්- වැටුප් සමාලෝචනයට හයදෙනෙකුගේ කමිටුවක් පත් වෙයි

Report

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 වැනි ව්‍යවස්ථාවෙන් තමන්ට පැවරී ඇති බලතල ක්‍රියාවට නංවමින් වැටුප් හා විශ්‍රාම වැටුප් කොමිෂන් සභාවක් ස්ථාපනය කිරීමට පියවර ගෙන තිබේ.

අදාළ තීරණය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර ඇති අතර, වසර ගණනාවක් පුරා පවතින වැටුප් විෂමතා සහ රාජ්‍ය මූල්‍ය කළමනාකරණයට එල්ල වන අභියෝග සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගත් බව සඳහන් වේ.

මෙම කොමිෂන් සභාව පිහිටුවීමේ ප්‍රධාන අරමුණ වන්නේ රාජ්‍ය නිලධාරීන් සහ විශ්‍රාමිකයන්ගේ වැටුප් හා විශ්‍රාම වැටුප් සම්බන්ධ ගැටලු සඳහා විසඳුම් ලබාදීම, රාජ්‍ය සේවයේ වෘත්තීය භාවය ඉහළ නැංවීම සහ නව තාක්ෂණික හා ගෝලීය ප්‍රවණතා අනුව රාජ්‍ය සේවය සඳහා අවශ්‍ය ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කිරීම බව සඳහන් වේ.

ඩොලරයේ මිල යළිත් ඉහළට- ලංකාවේ ප්‍රධාන බැංකු රැසක අද මිල ගණන් මෙන්න

ඩොලරයේ මිල යළිත් ඉහළට- ලංකාවේ ප්‍රධාන බැංකු රැසක අද මිල ගණන් මෙන්න

මෙම කොමිෂන් සභාවේ සාමාජිකයන් ලෙස තෙල්ගේ අශෝක පීරිස්, ගරු කුරුප්පුගේ ඛේමා ඈන් විදුයා ස්වර්ණාධිපති, අලගියාදුර ප්‍රේමලාල් අබේසිංහ ගුණසේකර, නියන්ගම බාලසූරියගේ මොන්ටි රණතුංග, නඩරාජ් රවිචන්දර් සහ වෛද්‍ය රන්දොඹගේ විමල් ජයන්ත යන මහත්ම මහත්මීන් කටයුතු කරනු ඇත.