ගණුදෙනුකරුවන් 50,000කගේ තැන්පතු අහිමි වීම ගැන සජිත් හෙළි කරයි
රට පුරා නීති විරෝධී මූල්‍ය ආයතන රාශියක් බිහිවීමත්, ඒවායින් අහිංසක ජනතාවගේ මුදල් සූරාකමින් සිටීමත් ගැන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (10) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
නැගෙනහිර හේවාගම් සමුපකාර සමිතිය තම ඉතිරිකිරීම් ක්ෂුද්‍ර මූල්‍ය බැංකුවක තැන්පතු කිරීම හේතුවෙන් රුපියල් කෝටි ගණනක පාඩුවක් සහ ගනුදෙනුකරුවන් 50,000කට ආසන්න පිරිසකගේ තැන්පතු අහිමිවීම මෙයට මෑතකාලීන උදාහරණයක් ලෙස ඔහු පෙන්වා දුන්නේය.
වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායක මහතා, “අන්තර්ජාල ණය මාෆියාව හරහා විදේශයන්ගෙන් පුද්ගලයින් මෙරටට පැමිණ, අන්තර්ජාලය මගින් ණය ලබාදෙන අතර, අවසානයේ ඔවුන්ට තර්ජනය කර බිය ගන්වා මුදල් ලබාගනී. තවද, පොලිස්පතිවරයාගේ උපදෙස් නොසලකා හරිමින් බලහත්කාරයෙන් වාහන අත්පත් කරගන්නා ලීසිං සමාගම්වල ක්‍රියාකාරකම් ද වැඩිවෙමින් පවතී. මේ කාරණාවලට රජය කඩිනමින් මැදිහත් විය යුතුයි” යනුවෙන් පැවසීය.