ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව උපරිමයෙන් තහවුරු කරන ලෙස ඇමති විජිතගෙන් ඉල්ලීමක්
මේ වන විට මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති දරුණු යුද වාතාවරණය හමුවේ ඕනෑම හදිසි අවස්ථාවකදී අවශ්‍ය මානුෂීය සහාය ලබාදීමට ශ්‍රී ලංකාව සූදානම් බව විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා සදහන් කර තිබේ.
මැදපෙරදිග රටවල් කිහිපයක විදේශ අමාත්‍යවරුන් සමඟ දුරකථන සාකච්ඡාවක නිරත වෙමින් අමාත්‍යවරයා මේ බව අවධාරණය කර ඇත.
තවද එම විදේශ රටවල සේවය කරන ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව උපරිමයෙන් තහවුරු කරන ලෙස අමාත්‍යවරයා ඉල්ලීමක් කළ අතර ඒ සඳහා අදාළ රටවලින් යහපත් ප්‍රතිචාර හිමිව තිබේ.
එමෙන්ම අමාත්‍යවරයා දැනුම් දී ඇත්තේ දැනට ශ්‍රී ලංකාවට පැමිණ සිටින මැදපෙරදිග සංචාරකයන්ගේ ආරක්ෂාව රජය විසින් පූර්ණ ලෙස භාරගෙන තිබෙන බවයි.
මැදපෙරදිග පවතින දරුණු යුදමය තත්ත්වයෙන් තේ කර්මාන්තයට එල්ල විය හැකි අභියෝගවලට මුහුණ දෙන්න සුදානම් ඇමැති සමන්ත කියයි
කලාපීය සාමය වෙනුවෙන් සහ මානුෂීය මෙහෙයුම් සඳහා ශ්‍රී ලංකාව සැමවිටම පෙනී සිටින බව ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ.
ඒ වගේම මෙම මිත්‍රශීලී මැදිහත්වීම සම්බන්ධයෙන් මැදපෙරදිග විදේශ අමාත්‍යවරුන් ශ්‍රී ලංකාවට සිය කෘතඥතාව පළ කර ඇත.