මම වෛද්‍යවරයෙක් මට ජීවත් වෙන්න පුලුවන් මන් මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස් වෙනවා - මන්ත්‍රී අර්චුනාගෙන් ආන්දෝලනාත්මක් ප්‍රකාශයක්
තමා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතා පවසයි.
පසුගියදා (23) විපක්ෂ නායක කාර්යාලයේ පැවැති රැස්වීමකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ තමන් පාර්ලිමේන්තුවට පැමිණියේ ද දැඩි කැමැත්තකින් නොවන බවයි.
තමා වෘත්තියෙන් වෛද්‍යවරයකු බැවින් පාර්ලිමේන්තුවෙන් වැටුප් ලබා ගැනීමේ කිසිදු අවශ්‍යතාවක් නොමැති බවත්, තමාට මෙරට තුළ හෝ විදේශගතව වෛද්‍යවරයකු ලෙස සේවය කිරීමේ හැකියාව පවතින බවත් ඔහු එහිදී සඳහන් කළේය.
තමන්ට එරෙහිව පවරා ඇති නඩුවේ තීන්දුව පැමිණීමට පෙරම පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වන බවත්, එමඟින් තමන්ට එරෙහිව නඩුව පැවරූ පාර්ශවය පරාජයට පත්වන බවත් මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.