පැය 48ක් තුළ ත්‍රිවිධ හමුදාව ඇතුළු ආරක්ෂක අංශ සඳහා කරන්න යන දෙය.. එතකොට විශ්‍රාමිකයන්?.

Sajith Premadasa Sri Lanka Politician Election Latest Headlines Sri Lanka Presidential Election 2024
By krishani Sep 11, 2024 10:20 AM GMT
krishani

krishani

Report

පැය 48ක් තුළ ත්‍රිවිධ හමුදාව ඇතුළු ආරක්ෂක අංශවල ගැටලු විසඳන බව සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේ ය.

ඒ මහතා මේ බව සඳහන් කළේ සුගතදාස ක්‍රීඩාංගණයේදී 'දිවිදෙන රණවිරු බලවේගය' සංවිධාන කළ සමුළුවට එක්වෙමින් ය.

හද ගැස්ම වැඩි වෙන, සා.පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරිම ගැන මේ දැන් ලැබුණ ආරංචිය මෙන්න..

හද ගැස්ම වැඩි වෙන, සා.පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරිම ගැන මේ දැන් ලැබුණ ආරංචිය මෙන්න..


එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ මෙවැන්නකී,

"පැය 48ක් තුළ ත්‍රිවිධ හමුදාව ඇතුළු ආරක්ෂක අංශවල ගැටලු, ප්‍රශ්න ඒ සියල්ලක්ම විසඳන ජනාධිපති කාර්ය සාධක බළකායක් පිහිටුවනවා.

ඒ වැඩපිළිවෙළ තුළ දිනවකවානු සහිත ඔබ මුහුණදෙන ගැටලුවලට විසඳුම් ලබාදෙන වැඩසටහනකට අපි අනිවාර්යෙන් මුල පුරනවා.

කිරිපිටි වර්ගයක මිල දැනෙන ගාණකින් වෙනස් වෙයි.. ඒ අනුව නව මිල මෙන්න..

කිරිපිටි වර්ගයක මිල දැනෙන ගාණකින් වෙනස් වෙයි.. ඒ අනුව නව මිල මෙන්න..


අපේ රටේ ආරක්ෂක පද්ධතිය තුළ රට දැය වෙනුවෙන් සුවිශේෂි කාර්ය භාරයක් ඉටුකරන මේ සියලුම රණවිරුවන් නිර්දේශපාලනීකරණයට ලක්කර, ඔබට ඔබගේ රාජකාරිය ස්වාධීනව, ඇඟිලි ගැසීම්වලින් තොරව කරන්න.

එක පැත්තකින් අපේ ජාතික ආරක්ෂාව අපේ රටේ අනෙක් පැත්තෙන් නීතිය හා සාමය ආරක්ෂා කිරීමේ නීතියේ ආධිපත්‍යය ශක්තිමත් කරන යුගයක ඔබවත් අපි කොටස්කරුවන් කර ගන්නවා.

දින 5කට වැඩි වුනොත් වෙන්නෙ මේකයි.. නැත්නම් රස්සාවත් නෑ.. රාජ්‍ය සේවකයින්ට විශේෂ දැනුම්දීමක් මෙන්න..

දින 5කට වැඩි වුනොත් වෙන්නෙ මේකයි.. නැත්නම් රස්සාවත් නෑ.. රාජ්‍ය සේවකයින්ට විශේෂ දැනුම්දීමක් මෙන්න..


ඔබ විශ්‍රාමික වුවත් අපේ දූෂණ විරෝධී වැඩසටහනේ කොටස්කරුවන් බවට ඔබව පත්කරගෙන මේ රට දූෂණයෙන් දෙවැනි මානූෂිය මෙහෙයුමේ පෙරමඟ ගමන්කරුවන් බවට අපි ඔබව පත්කරනවා.

විශේෂයෙන්ම අපේ රටට මහා කොඩිවිනයක් තිබුණ කුඩු ජාවාරම අනිවාර්යෙන්ම මුලිනුපුටා දැමීමට ඔබ සියලුදෙනාගේ දායකත්වය ලබා ගන්නවා."