සජිත් වෙනුවෙන් රංජිත් අද පෙරට එයි..අලුත්ම ආරංචිය මෙන්න..
ජනාධිපතිවරණය සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද(31) ඇප තැන්පත් කර තිබෙනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා විසින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කර ඇත.
ජනාධිපතිවරණය 2024 සැප්තැම්බර් 21 දින පැවැත්වීමට නියමිත අතර නාමයෝජනා භාර ගැනීම අගෝස්තු 15 වැනි දින සිදු කෙරේ.
මේ අනුව, 2024 ජනාධිපතිවරණයට මේ දක්වා අපේක්ෂකයන් පස් දෙනෙකු පමණ ඇප මුදල් තැන්පත් කර ඇති බවටයි වාර්තා වන්නේ.
පසුගිය 29 වනදා වන විට අපේක්ෂකයින් සිව්දෙනෙකු ඇපමුදල් තැන්පත් කළ බව නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව විසින් දැනුම් දෙනු ලැබීය.
එමගින් දන්වා ඇත්තේ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ සරත් කීර්තිරත්න යන මහත්වරුන් මෙලෙස මුදල් ගෙවා ඇති බවයි.
එමෙන්ම සමාජ ක්‍රියාකාරි ඔෂල හේරත් මහතා අභිනව නිවහල් පෙරමුණ යටතේ ඇප තබා තිබෙනවා.
ලංකා කම්කරු පක්ෂය නියෝජනය කරමින්, ඒ.එස්.පී ලියනගේ මහතා ඇප තැන්පත් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කරනවා.
අදාල නිවේදනය පහතින්,