සමගියෙන් බලයට - සජිත්ගේ මූලිකත්වයෙන් නව දේශපාලන එක්වීමක්
තම පක්ෂයේ නායකත්වය සහ මගපෙන්වීම යටතේ, එක්සත් ජාතික පක්ෂය සමඟ පොදු දේශපාලන වැඩපිළිවෙළකට එළඹීමට තීරණය කළ බව සමගි ජන බලවේගයේ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.
මෙම තීරණය ඊයේ (09) පැවති සමගි ජන බලවේගයේ කාර්යකාරී මණ්ඩල රැස්වීමේදී සහ ඊට පෙර පැවති කළමනාකරණ කමිටු රැස්වීම් දෙකකදී ඒකමතිකව අනුමත වූ බව විපක්ෂ නායකවරයා සඳහන් කළේය.
වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, රටට සහ ජනතාවට බලපාන ප්‍රශ්නවලට විසඳුම් ලබාදීමේ අරමුණින් මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක වන බව අවධාරණය කළේය. ඒ අනුව, ප්‍රායෝගික සහ ජනතාවාදී ප්‍රතිපත්තිමය එකඟතා මත පදනම්ව, පක්ෂ දෙකේ අනන්‍යතාව ආරක්ෂා කරමින් ඉදිරියට කටයුතු කරන බව ඔහු පැවසීය.