නාමල් රාජපක්ෂ යළි බන්ධනාගාරයට - ඇප ඉල්ලීම ඉවතට - උණුසුම් වන එයාර් බස් ගුවන් යානා නඩුව
කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (29) රුපියල් මිලියන 100ක අල්ලසක් ලබාගත්තේ යැයි සැකපිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇත.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා විසින් නියෝගය නිකුත් කළේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇප මත මුදා හරින ලෙස ඉල්ලා ඔහුගේ නීතිඥවරු විසින් ඉකුත්දා ඉදිරිපත් කළ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය අද දින ප්‍රකාශයට පත් කරමින්ය.
ක්‍රිෂ් සහ එයාර් බස් ගනුදෙනු දෙකේ තොණ්ඩු දෙක එකටම නාමල්ගේ බෙල්ලට - රටම බලන් ඉන්න නඩු දෙකකටම නාමල් අද උසාවියට
ඒ අනුව බන්ධනාගාරගතව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා එයාර්බස් නඩුවට ඔක්තෝබර් 13 තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත. ඇප නියෝගය ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව අදාල නඩුකරය සම්බන්ධයෙන් කරුණු දැක්වීම සිදුවිය.
ශ්‍රී ලංකන් ගුවන් සමාගමට එයාර් බස් ගුවන් යානා මිලදී ගැනීමේදී රුපියල් මිලියන 100 ක අල්ලසක් ලබා ගත් බවට සැකපිට නාමල් රාජපක්ෂ මෙසේ බන්ධනාගාර ගත කර ඇත.