“ජනපතිට ‘සහෝදරයා’ ලෙස හැඳින්වීම අපහාසයක් නොවෙයි” - දුමින්ද දිසානායකත් ජනපතිට ‘සහෝදරයා’ කියයි
පසුගියදා පැවති රූපවාහිනී සංවාදයකට එක්වෙමින් හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක විසින් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා සම්බන්ධයෙන් අදහස් පළ කළේය.
එහිදී ඔහු සඳහන් කළේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා “සහෝදරයා” ලෙස හැඳින්වීම අපහාසයක් නොවන බවයි.
වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා,
“එතුමලා කියනවා නම් සහෝදරයා කියන්න කියලා, එතුමාගේ වේදිකාවේ එතුමාව හඳුන්වලා දෙන්නේත් සහෝදරයා කියලා නම්, යකෝ ඉතින් නිවේදකයාට කියන්න පුළුවන් නම් ජනාධිපති සහෝදරයා කියලා, යූටියුබ් කරන අයට කියන්න පුළුවන් නම් ජනාධිපති සහෝදරයා කියලා. මේ එකට පාර්ලිමේන්තුවේ 2000 ඉඳන් අපි එකට ඉඳලා, ඉවර වෙලා අපිත් එක්ක එකට කාලා බීලා එකට හිටපු ඒ දවස්වල නම් කිව්වේ අයියා කියලා. දැන් ඉතින් සහෝදරයා කියන එක වරදක් නෙමෙයිනේ.”
දයාසිරිට අභියාචනාධිකරණයෙන් තීන්දුවක් - ''ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම් ලෙස පිළිගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි''