ඊශ්‍රායල් රැකියා අපේක්ෂකයන් නොසන්සුන් වෙයි - පාර්ලිමේන්තු වටරවුම අසල දැවැන්ත විරෝධතාවයක් - විපක්ෂ නායකවරයාත් එයි

Report

ඊශ්‍රායල් රැකියා අපේක්ෂකයන්ගේ එකමුතුව විසින් පාර්ලිමේන්තු පාලම, වටරවුම අසල අද(06) දින විරෝධතාවයක් පැවැත්වූවා.

ඒ වත්මන් ආණ්ඩුව පොරොන්දු වූ ආකාරයට ඊශ්‍රායාලයේ ඉදිකිරීම් රැකියා සඳහා තවමත් එම පිරිස ඊශ්‍රායල් වෙත යාමට අවශ්‍ය වැඩපිළිවෙළ ඉටු නොකළ බවට චෝදනා කරමින්.

එසේම ඔවුන් කියා සිටියේ 3000 අධික පිරිසකගේ විදේශ සේවා නියුක්ති කාර්‌යාංශයේ වෙබ් අඩවියේ නම් සඳහන් කර තිබුණ ද, පිටත්කර යැවීමේ දිනයක් සම්බන්ධයෙන් නිශ්චිතව ප්‍රකාශ කර නොමැති බවයි.

එසේම මෙම විරෝධතාවය අතරතුර එම ස්ථානයට පැමිණි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද මේ සම්බන්ධයෙන් කරුණු වීමසීමක් ද සිදු කර සිටියා.

හෙට උදේ සිට පැය 5ක ජල කප්පාදුවක් - ජල සැපයුම අත්හිටුවන ප්‍රදේශ දන්වා මණ්ඩලයෙන් නිවේදනයක්

හෙට උදේ සිට පැය 5ක ජල කප්පාදුවක් - ජල සැපයුම අත්හිටුවන ප්‍රදේශ දන්වා මණ්ඩලයෙන් නිවේදනයක්

අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා කියා සිටියේ, තාරුණ්‍යයේ සිහිනය වන්නේ විදේශගත වී හොඳ රැකියාවක් සිදුකර හොඳ ආදායමක් ලබාගෙන ඒ අදායම ඔවුන්ගේ පවුල්වලට ලබාදී හොඳ පවුල් ජිවිතයක් ගත කිරීම බවයි.

එසේම රටට අත්‍යාවශ්‍ය විදේශ ප්‍රවේශන ලබාදෙන්න විදේශගත ශ්‍රමිකයින් කටයුතු කරනු ලබන බවත්, ඔවුන් විශිෂ්ඨ සේවාවක් ඉටු කරන බවත්, ඔවුන් රටටත් රටේ ආර්ථික ජීවනාලියට විශාල ශක්තියක් ලබාදෙන බවත්, විපක්ෂ නායකවරයා පවසයි.

එහෙත් ශ්‍රී ලංකා රජයත් ඊශ්‍රායල රජයත් අතර විවිධ ක්ෂේත්‍ර සඳහා රැකියා 14,000ක් ලබා දීමට 2023 දී ගිවිසුම් අත්සන් කරනු ලැබුවද 2025ත් 2026ත් වන විට මේ තත්ත්වය සම්පුර්ණයෙන් වෙනස් වී ඇති බව ඔහු ප්‍රකාශ කරයි.

එසේම මේ වනවිට රජයෙන් ඊශ්‍රාලයට යවන 70%ක පිරිස පෞද්ගලික අංශයෙන් යැවීමට කටයුතු කර ඇති බවත්, පෞද්ගලික අංශයට හිමි 30% රජයට ගොස් ඇති බවත්, මෙය බරපතළ වංචනික තත්ත්වයක් බවත්, ඔහු පවසයි.

බැංකුවක් තවත් බැංකුවකට සම්පූර්ණයෙන් මාරු කරයි - ගනුදෙනුකරුවන්ට බැංකු කාඩ්, PIN අංක සහ ගිණුම් සම්බන්ධයෙන් දැනුම්දීමක්

බැංකුවක් තවත් බැංකුවකට සම්පූර්ණයෙන් මාරු කරයි - ගනුදෙනුකරුවන්ට බැංකු කාඩ්, PIN අංක සහ ගිණුම් සම්බන්ධයෙන් දැනුම්දීමක්

එමෙන්ම රජයන් හරහා ගමන් ගන්නා ශ්‍රමිකයන්ට වැය වන්නේ ලක්ෂ 4ක මුදලක් බවත්, පෞද්ගලික විදේශ රැකියා ආයතන හරහා ගමන් කරන ශ්‍රමිකයින්ට රුපියල් ලක්ෂ 45ක් පමණ වැයවෙන බවත්, එක් ශ්‍රමිකයෙක් සැපයීමේදී පෞද්ගලික විදේශ රැකියා ආයතනයට අමෙරිකානු ඩොලර් 5000ක් ලැබෙන අතර, ඊශ්‍රායලයට යාමට සුදුසුකම් ලැබු 3500ක් සිටින බවත් සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කරයි.

එබැවින් ඔහු පවසන්නේ ලක්ෂ 45ක මුදලක් අයකර පෞද්ගලික විදේශ රැකියා ආයතන ඔස්සේ ඊශ්‍රායලයට යැවීමට කටයුතු කිරීම අසාධාරණ ක්‍රියාවක් බවත්, මේ ඔස්සේ පෞද්ගලික විදේශ රැකියා ආයතන හොද ලාභයක් මේ හරහා ලබා ගන්නා බවත් ය.

තවද ඊශ්‍රායලට යැවීමට 3500ක් වන දරුවන්ගේ සිහිනය සැබැ කරන්න පාර්ලිමේන්තුවේදී මෙම ප්‍රශ්නය පිළිබඳව රජය උනන්දු කරවන්න කටයුතු කරනු ලබන බවත්, 2023 ඇති කරගත් ගිවිසුමට අනුව රජය යවන ප්‍රතිශතයට අනුව 70%ත්, පෞද්ගලික විදේශ රැකියා ආයතන යවන ප්‍රතිශතය 30%ක් බවට පත් කරන්න රජය කටයුතු කළ යුතු බවත්, පෞද්ගලික විදේශ රැකියා ආයතන ඔස්සේ ඊශ්‍රාලයට යන පිරිස විශාල අපහසුතාවයට පත් වන අතර මේ සඳහා යුක්තිය සාධාරණත්වය ඉටු විය යුතු බව ඔහු කියා සිටියො.

ඊට අමතරව විපක්ෂ නායකවරයා කියා සිටියේ, පොඩි මනුස්සයා රකින බව ජාතික ජනබලවේගය ප්‍රකාශ කළ බවත්, එය ඉටු කරන්න රජය කටයුතු කළ යුතු බවත් ය.

ඉදිරියේ පැවැත්වීමට නියමිත උසස් පෙළ විභාගය කල්දැමීම සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක්

ඉදිරියේ පැවැත්වීමට නියමිත උසස් පෙළ විභාගය කල්දැමීම සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක්

ඒ අනුව ඊශ්‍රායලයට යාමට සුදුසුකම් ලැබූ 3500ට සාධාරණයක් ඉටු කළ යුතු බවත්, මෙම පිරිස අඩු පිරිවැයක් වැයවන ආකාරයට ඊශ්‍රාලයට යැවීමට කටයුතු කළ යුතු බවත්, ඔහු තවදුරටත් සඳහන් කළා.

එමෙන්ම ඊශ්‍රාලය සමඟ සාකච්ඡා කර රජයේ මාර්ගයෙන් යාමට හැකි ක්‍රමවේද වැඩි කළ යුතු බවත්, එම නිසා මෙම ක්‍රමවේදය ක්‍රියාත්මක කළහොත් රජයට සහ විදේශගතවන පිරිස විශාල වාසියක් අත්වෙන බවත්, රැකියා අපෙක්ෂාවෙන් සිටින පිරිස වෙනුවෙන් පාර්ලිමේන්තුව තුළ හඩක් නගන්න කටයුතු කරන බවත්, විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළා.

මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේ, තාරුණ්‍යයන්ට ලක්ෂ 45ක් ගෙවා ඊශ්‍රාලයට යනවා වෙනුවට ලක්ෂ 4ක මුදල් ගෙවා ඊශ්‍රාලයට යාමට රජය ඉඩ සලස්වා දිය යුතු බවත්, ඒ අරමුණ සහ ඉලක්කය කරා මෙම තරුණයන්ට ගමන්ට කිරීමට ප්‍රජාතන්ත්‍රවාදීව සටන් කරනු ලබන බවත් ය.

ඔබ කිසිදා නොවිඳි අපූර්ව රස අත්දැකීමක් - සංගීතයත් එක්ක රස කෑම කන්න කිලිනොච්චියේ රීචා ග්‍රෑන්ඩ් එකට එන්න

ඔබ කිසිදා නොවිඳි අපූර්ව රස අත්දැකීමක් - සංගීතයත් එක්ක රස කෑම කන්න කිලිනොච්චියේ රීචා ග්‍රෑන්ඩ් එකට එන්න