ලොව උසම පල්ලිය බවට 'සග්‍රඩා ෆැමිලියා' පත්වෙයි.
ලොව උසම පල්ලිය බවට ස්පාඤ්ඤයේ සග්‍රඩා ෆැමිලියා (Sagrada Família) දේවස්ථානය පත්ව තිබේ.
ඒ අනුව බාසිලෝනා නගරයේ ඉදිවෙමින් පවතින මෙහි මධ්‍යම ගොඩනැගිල්ල මුදුනේ කුරුසියේ පළමු කොටස තැබීමත් සමග එය ලොව උසම පල්ලිය බවට පත්ව ඇත.
මෙම දේවස්ථානය මීටර් 162.91ක උසින් සමන්විතයි. ලොව උසම පල්ලිය බවට පත්ව තිබූ ජර්මනියේ උල්ම් මිනිස්ටර් (Ulm Minster) පල්ලියේ වාර්තාව නිල වශයෙන් අභිබවා ගොස් තිබේ.
ඒ අනුව වසර 135ක (1890 සිට) සිට ජර්මනියේ උල්ම් මිනිස්ටර් (Ulm Minster) පල්ලිය උසම පල්ලිය බවට හදුනාගන තිබුණි.
ඒ අනුව සග්‍රඩා ෆැමිලියා පල්ලිය ලොව විශාලතම නිම නොකළ කතෝලික පල්ලිය වේ.
එය වසර 143කට (1882 සිට) වැඩි කාලයක් තිස්සේ ඉදිවෙමින් පවතින පල්ලියකි.
එහි ප්‍රධාන ගොඩනැගිල්ල ලබන වසරේ දී නිම කිරීමට නියමිතව ඇත.
ඒ අනුව ඉදිරි මාස කිහිපය තුළ ඉතිරි කුරුස කොටස් එකතු කිරීමත් සමග සග්‍රඩා ෆැමිලියා පල්ලියේ සමස්ත උස මීටර් 172ක් දක්වා ඉහළ යන බව වාර්තා වේ.