උතුරු මැද හිටපු මහ ඇමතිට වසර 16ක සිර දඬුවම්!

Report

අල්ලස් කොමිසම විසින් දූෂණ චෝදනා යටතේ ගොනු කර තිබූ නඩුවකට වරදකරුවන් ලෙස හඳුනාගත් උතුරු මැද පළාතේ හිටපු ප්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් සහ ඔහුගේ පුද්ගලික ලේකම්වරිය ලෙස සේවය කළ ශාන්ති චන්ද්‍රසේන යන විත්තිකරුවන්ට කොළඹ මහාධිකරණය විසින් බරපතල වැඩ සහිත වසර 16 බැගින් සිර දඬුවම් පනවා ඇත.

ඒ සමඟම, විත්තිකරුවන් දෙදෙනාට රුපියල් ලක්ෂ දෙක බැගින් දඩ මුදලක් ද පැනවිණි.

මුලු රටම සෙවූ සෙව්වන්දි අනුරාධපුර දී මාට්ටු වුනත් පොලිසියට වැරදුණු කුරුමානම

මුලු රටම සෙවූ සෙව්වන්දි අනුරාධපුර දී මාට්ටු වුනත් පොලිසියට වැරදුණු කුරුමානම

උතුරු මැද පළාතේ ප්‍රධාන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ, නීති විරෝධී ලෙස ඉන්ධන දීමනාවක් වශයෙන් රුපියල් 2,080,500/-ක් ලබාගනිමින් දූෂණ වරදක් සිදු කළ බවට චෝදනා කරමින්, අල්ලස් කොමිසම විසින් මෙම විත්තිකරුවන්ට එරෙහිව නඩුවක් ගොනු කර තිබිණි.

තවත් පිරිසකට ජීවිත රක්ෂණයක්!

තවත් පිරිසකට ජීවිත රක්ෂණයක්!