තවත් පිරිසකට ජීවිත රක්ෂණයක්!

Report

ශ්‍රී ලංකාවේ කිතුල්, පොල් සහ තල් කර්මාන්තවල නියැළි කාර්මිකයන් සඳහා ජීවිත රක්ෂණ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි.

මෙම මණ්ඩලය ප්‍රකාශ කළේ, මෙම කර්මාන්තවල යෙදෙන කාර්මිකයන් වෙනුවෙන් වාර්ෂිකව අලුත් කළ හැකි හදිසි අනතුරු ජීවිත රක්ෂණ ක්‍රමයක් ක්‍රියාවට නැංවීමට දැනට සැලසුම් සකස් කර ඇති බවයි.

මුලු රටම සෙවූ සෙව්වන්දි අනුරාධපුර දී මාට්ටු වුනත් පොලිසියට වැරදුණු කුරුමානම

මුලු රටම සෙවූ සෙව්වන්දි අනුරාධපුර දී මාට්ටු වුනත් පොලිසියට වැරදුණු කුරුමානම

මෙම යෝජිත වැඩපිළිවෙළ යටතේ, මරණයකදී හෝ පූර්ණ අකර්මණ්‍යතාවයකදී රුපියල් 500,000, රුපියල් 1,000,000 සහ රුපියල් 2,000,000 යන රක්ෂණ ආවරණ හිමි වන අතර, තාවකාලික අකර්මණ්‍යතාවයකදී සහ හදිසි අනතුරක් හේතුවෙන් රෝහල්ගත වීමේදී ද මෙම රක්ෂණ ප්‍රතිලාභ ලබාදෙන බව මණ්ඩලය සඳහන් කළේය.

එසේම, රුපියල් 2,000, 4,000, සහ 8,000 වැනි සුළු වාර්ෂික වාරික මුදල් යටතේ මෙම රක්ෂණ ආවරණය සඳහා දායක වීමට අවස්ථාව සැලසීමට කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සැලසුම් කර ඇති බව වාර්තා වේ.

ජනතාවට හදිසි වුනාට අපට හදිසියක් නැහැ... අවුරුදු 5ක් තියේ

ජනතාවට හදිසි වුනාට අපට හදිසියක් නැහැ... අවුරුදු 5ක් තියේ