පිළිකාවට එරෙහිව ලෝකෙම තරග කරද්දි රුසියාවෙන් නිවේදනයක් - තවත් පිම්මක් පනී
රුසියාව සිය පළමු පුද්ගලාරෝපිත පිළිකා එන්නත රෝගියෙකුට ලබා දී ඇති බව රුසියානු සෞඛ්‍ය අමාත්‍යාංශය බදාදා දින නිවේදනය කළ බව වාර්තා වේ.
ඒ අනුව එය රටේ පර්යේෂණාත්මක පිළිකා ප්‍රතිකාර වැඩසටහනේ ප්‍රධාන පියවරක් වශයෙන් නිලධාරීන් විස්තර කර ඇත.
එසේම අමාත්‍යාංශයට අනුව, දේශීයව සංවර්ධනය කරන ලද පුද්ගලාරෝපිත පිළිකා ප්‍රතිකාරයක මුල් අවධියේ සායනිකව ක්‍රියාත්මක කිරීමේ කොටසක් වශයෙන් රුසියාවේ රෝගියෙකුට මෙම එන්නත ලබා දී තිබෙනවා.
මේ අතර ප්‍රතිකාරය සැලසුම් කර ඇත්තේ එක් ප්‍රමාණයකට ගැළපෙන ප්‍රවේශයක් භාවිතා කිරීම වෙනුවට, තනි රෝගියෙකුගේ පිළිකාවේ නිශ්චිත ලක්ෂණ ඉලක්ක කර ගැනීම සඳහායි.
රුසියානු නිලධාරීන් ප්‍රකාශ කර අත්තේ අඳාළ එන්නත mRNA පාදක කරගත් ක්‍රම ඇතුළු දියුණු තාක්ෂණයන් භාවිතයෙන් සංවර්ධනය කර ඇති බවත්, එමඟින් ප්‍රතිශක්තිකරණ පද්ධතියට පිළිකා සෛල වඩාත් ඵලදායී ආකාරයට හඳුනාගෙන ඒවාට පහර දීමට සකස් කළ ප්‍රතිකාර නිර්මාණය කිරීමට විද්‍යාඥයින්ට ඉඩ සලසන බවත්ය.
එසේම සෞඛ්‍ය බලධාරීන් අනතුරු අඟවා සිටියේ එන්නත තවමත් අත්හදා බැලීමේ අදියරේ පවතින බවත් එය පුළුල් ආකාරයට ලබා ගත හැකි වීමට පෙර එහි ආරක්ෂාව සහ කාර්යක්ෂමතාව තීරණය කිරීම වෙනුවෙන් තවදුරටත් සායනික අත්හදා බැලීම් අවශ්‍ය බවයි.
කෙසේ වෙතත් ලොව පුරා රටවල් සහ ඖෂධ සමාගම් කිහිපයක් පුද්ගලාරෝපිත පිළිකා එන්නත් සංවර්ධනය කිරීමට තරග වදින අතරතුර මෙම නිවේදනය නිකුත් කර තිබෙනවා.
ඉන්ධන, ගෑස්, ගල්අඟුරු ගැන දිවයිනටම සතුටු හිතෙන නිවේදනයක් - අප්‍රේල් සහ මැයි මාසවලට බය වෙන්න දෙයක් නෑ
පර්යේෂකයන් බලාපොරොත්තු වන්නේ මෙම තාක්ෂණය අනාගතයේදී පිළිකා ප්‍රතිකාර පරිවර්තනය කළ හැකි බවයි.
එමෙන්ම රුසියානු නිලධාරීන් සඳහන් කළේ අඛණ්ඩ අත්හදා බැලීම්වල කොටසක් වශයෙන් තවත් රෝගීන්ට පුද්ගලාරෝපිත පිළිකා එන්නත ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බවයි.