ඉරානයේ සහයට රුසියාව පෙරට - දැන් තීරණය ඉරානය අතේ

Report

ඇමරිකාව විසින් ඉරානයේ න්‍යෂ්ටික පහසුකම් තුනකට එල්ල කළ ප්‍රහාරය හේතුවෙන් ගැටුමට සම්බන්ධ වන පාර්ශවිකයන් සංඛ්‍යාව වැඩි වී ඇති අතර, තත්ත්වය අළුත් උද්දීපන අවධියකට පිවිසෙමින් පවතින බව රුසියාවේ ක්‍රෙම්ලින් ප‍්‍රකාශ කරයි.

ඇමරිකාවට එරෙහිව ලොවම වීදි බසී උද්ඝෝෂණ පිපිරෙයි

ඇමරිකාවට එරෙහිව ලොවම වීදි බසී උද්ඝෝෂණ පිපිරෙයි

රුසියානු ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක දිමිත්‍රි පෙස්කෝව් පවසන්නේ, මේ වනවිට ඉරානයේ න්‍යෂ්ටික පහසුකම්වලට ඇත්තේ කුමන තත්ත්වයක්ද, විකිරණ අවදානමක් තිබේද යන්න පැහැදිලි නොමැති බවය.

ඊශ්‍රාලයට මිසයිල ප්‍රහාරයක් - ජෙරුසලමේ වෙඩි වැදුම්

ඊශ්‍රාලයට මිසයිල ප්‍රහාරයක් - ජෙරුසලමේ වෙඩි වැදුම්

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා, මෙම ප්‍රහාර පිළිබඳව සවිස්තරව රුසියානු ජනාධිපති ව්ලාදිමීර් පූටින් මහතාට කලින් දැනුම්දී නැති බවත්, ඒ පිළිබඳව පුළුල් සාකච්ඡාවක් පමණක් පැවති බවත් පෙස්කෝව් සදහන් කළේය.

ඉරානයේ ගුවන් තොටුපළ 6කට ඊශ්‍රායලයෙන් ප්‍රහාර

ඉරානයේ ගුවන් තොටුපළ 6කට ඊශ්‍රායලයෙන් ප්‍රහාර

මෙවැනි තත්ත්වයක් යටතේ රුසියාව කළ යුත්තේ කුමක්දැයි විමසූ විට ඔහු පැවසූවේ, මෝස්කව් තමන්ගේ මැදිහත්වීමේ සේවාව ඉරානයට යෝජනා කර ඇති බවත්, ඉදිරියේ සිදුවන දෑ ඉරානයේ අවශ්‍යතාවයන් මත පදනම් වනු ඇති බවත්ය.