ඔන්න ගමට යෝධ සංවර්ධනයක් - අවුරුද්දම රටට සුභයි
අද (01) සිට පුනරුදයට මග වැඩපිළිවෙල යටතේ ග්‍රාමීය ප්‍රදේශවල ජීවන තත්ත්වය උසස් කරමින්, ජනතා ගමනාගමන පහසුකම් පුළුල් කිරීම සඳහා ග්‍රාමීය මාර්ග 76ක් සංවර්ධනය කිරීම ආරම්භ වී ඇත.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත්තේ ප්‍රවාහන, මහා මාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරනු ලබන මෙම ව්‍යාපෘතියේ පළමු අදියර සඳහා රුපියල් මිලියන 5,000ක මුදල් වෙන් කර ඇති බවයි.
තවද මෙම ව්‍යාපෘතිය මඟින් ගම්මාන සම්බන්ධතා ශක්තිමත් කිරීම, වෙළෙඳ පොළ හා අත්‍යවශ්‍ය සේවා වෙතපහසු ප්‍රවේශය සැලසීම, ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීම බලාපොරොත්තු වේ.
වැඩිදුරටත් වාර්තා වන ආකාරයට අද (01) සිට බස් රථ ධාවනය නොවූ ග්‍රාමීය මාර්ග 40කට බස් සේවා ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත.