යන යකා කොරහත් බිදගෙන යනවා වාගේ.. සැමියාගේ වකුගඩුවක් බලෙන් විකුණා මුදල් අරන් බිරිඳ පැන ගිහින්...

By Piyumika Feb 03, 2025 02:43 AM GMT
Report

කාන්තාවක් තම සැමියාට ඔහුගේ වකුගඩුවක් විකිණීමට බලකර; එය විකුණා ලැබූ මුදල් ද රැගෙන පෙම්වතා සමඟ පලාගිය පුවතක් අසල්වැසි ඉන්දියාවෙන් වාර්තා වනවා.

ඉන්දියාවේ බටහිර බෙංගාලයේ හවුරා ප්‍රදේශයේ මෙම සිදුවීම සිදුව ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

මැති ඇමතිවරු විදෙස් සංචාර වලට මෙච්චර කැමති ඇයි...ජනපති පැවසු දේ..(VIDEO)

මැති ඇමතිවරු විදෙස් සංචාර වලට මෙච්චර කැමති ඇයි...ජනපති පැවසු දේ..(VIDEO)

කාන්තාවක් දියණියගේ අධ්‍යාපනයට සහ විවාහය සඳහා මුදල් ඉතිරි කිරීමේ මුවාවෙන් තම සැමියාට ඔහුගේ එක් වකුගඩුවක් විකුණා මුදල් ලබාඅ ගන්නා ලෙස බලකර තිබෙනවා.

බිරිඳගේ බල කිරීම මත එම පුද්ගලයා තමාගේ එක් වකුගඩුවක් විකුණා ඉන්දීය රුපියල් ලක්ෂ 10ක් ලබාගෙන ඇති බවයි වාර්තා වුණේ.

ඒ, වනවිටත් බිරිඳ ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ හදුනාගත් පුද්ගලයෙක් සමඟ සබඳතාවක් පවතවාගෙන ගොස් ඇති අතර, කාන්තාවගේ සැමියා තම වකුගඩුව විකිණීමෙන් උපයා ගත් රුපියල් ලක්ෂ 10 සමඟ මොවුන් දෙදෙනා පලා ගොස් ඇති බවයි පසුව අනාවරණය වී ඇත්තේ.

ශ‍්‍රී ලංකා පරමාණුක බලශක්ති අධිකාරියේ නව සභාපතිනිය...

ශ‍්‍රී ලංකා පරමාණුක බලශක්ති අධිකාරියේ නව සභාපතිනිය...

කෙසේ වෙතත් මුදල් ද රැගෙන පලාගිය බිරිඳ සහ ඇයගේ පෙම්වතා සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට සැමියා කටයුතු කර තිබෙනවා.

පසුව පොලිසිය විසින් පෙම්වතුන් දෙදෙනා සොයා ගෙන ඇති අතර, එලෙස සොයාගත් කාන්තාව අයගේ සැමියාට භාරදීමට පොලිසිය කටයුතු කර ඇති බවයි වාර්තා වුණේ.

කෙසේ වෙතත් ඇයව භාර ගැනීම සැමියා විසින් ප්‍රතික්ෂේප කර ඇති බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් වාර්තා කර තිබුණේ.

1994 සිට ඉන්දියාවේ මිනිස් අවයව විකිණීම නීති විරෝධීවන අතර; පරිත්‍යාගශීලීන්ගේ හිඟයක් හේතුවෙන් අවයව මුදලට මිල දී ගැනීමට ඇතැම් රෝගීන් පෙළඹී සිටින බවයි වෛද්‍යවරු පවසන්නේ.

You may like this video