රටේම බැංකු පාරිභෝගිකයන් බිය වැද්දූ බිලියන 13ක වංචාව - මේ බැංකුවේ පාරිභෝගික ගිණුම්වලිනුත් මිලියන 314.5ක මුදලක් උස්සපු බව එළි වෙයි
පෞද්ගලික බැංකුවක පොදු ලෙජර් ගිණුම ඔස්සේ බිලියන 13කට අධික මුදලක් වංචා කිරීමේ සිද්ධියට අඳාළව එම බංකුවේ තිබූ පාරිභෝගික ගිණුම්වලින් මිලියන 314.5 ක මුදලක් ප්රතිපූර්ණය වී ඇති බවට විමර්ශනවලින් කරුණු හෙළි වූ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (21) දින කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස් බෝදරගම හමුවේ දන්වා සිටි බව වාර්තා වේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙසේ දැන්වූවේ පෞද්ගලික බැංකුවක පොදු ලෙජර් ගිණුම හරහා බිලියන 13කට අධික මුදලක් වංචා කිරීමේ සිද්ධියට අඳාළ නඩුව කැඳවු අවස්ථාවේදියි.
එම සිද්ධියට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සැකකරුවන් ලබන 4 දක්වා නැවත රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටද මහේස්ත්රාත්වරයා එහිදී නියෝග කර ඇත. එසේම සිද්ධියට අඳාළ පස්වන සැකකරු ඇප මත මුදා හැර තිබෙන බව සඳහන්.
මේ අතර සිද්ධියට අඳාළව වැඩිදුරටත් අධිකරණයට කරුණු දක්වමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැවසුවේ මෙම මුදල් ජාවාරම සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන කටයුතු සිදු කරන බැවින් සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි.
එමෙන්ම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් අධිකරණයට කරුණු දැක්වූ විමර්ශන නිලධාරීයා පවසා සිටියේ,
" ස්වාමීනි මෙම සිද්ධියට අඳාළ වංචාව වන්නේ බිලියන 13.5 ක මුදලක්. එම මුදලට එම පෞද්ගලික බැංකුවේ පාරිභෝගික ගිණුම් එකොළහකින් මිලියන 314.5 ක මුදලක් ප්රතිපූර්ණය වී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදු කරනු ලබනවා. තවද මෙම සිද්ධියට අඳාළව ගිණුම් 26 හි ගිණුම් 14 ක් සම්බන්ධයෙන් අදාළ පුද්ගලයන්ගෙන් ප්රකාශ ලබාගෙන තිබෙනවා."
මහේස්ත්රාත්වරයා : " විමර්ශනය යන අතරතුරද මෙම පාරිභෝගික මුදල්වලින් මුදල් අඩුවෙලා තියෙන්නේ කවද්ද මේ සම්බන්ධයෙන් අනාවරණය වුණේ. විමර්ශන නිලධාරීන්ගෙන්ද මේ බව හොයාගත්තේ නැත්නම් බැංකුවෙන් ලැබුණු විගණන වාර්තා හරහාද?"
විමර්ශන නිලධාරීන් : " ස්වාමීනී අනාවරණය කරගත්තේ විමර්ශනය කරන අතරතුර මේ නඩු වාරයට පෙර. බැංකුවක් දැනුම්දුන්නා පොදු ලෙජරයේ ගිණුම් හුවමාරු වන බව. තවද ස්වාමීනී වෙනත් ගිණුම්වලින් මිලියන පහක් බැර වෙලා. තවද පාරිභෝගික ගිණුම්වලින් මුදල් බැර වෙලා නැවත එය එය ගිණුම්වලටම යොදලා තිබෙනවා. මෙලෙස මුදල් ප්රතිපූර්ණයක් කරලා තමයි තිබෙන්නේ."
මහේස්ත්රාත්වරයා : "මෙලෙස පාරිභෝගික ගිණුම්වලින් මුදල් හුවමාරු වෙනකම් එම බැංකුවේ ඉහළ නිලධාරීන් දන්නේ නැද්ද? ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් කරන්න. තවද සැකකරුවන්ගේ තිබූ ගිණුම් සම්බන්ධයෙන්ද විමර්ශනය කරන්න."
ඒ අනුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්රාත්වරයා සිද්ධියට අදාළ සැකකරුවන් සාක්ෂිවලට බලපෑම් කිරීමට හැකි බැවින් යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළා.
තවද පාරිභෝගිකයන්ගේ ගිණුම් හරහා මුදල් ප්රතිපූර්ණය වීම සම්බන්ධයෙන් කරුණු ඇතුළත් පූර්ණ වාර්තාවක් අධිකරණයට නිකුත් කරන ලෙසද මහේස්ත්රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර ඇත.
ඇය වෙනුවෙන් ජාතික ශෝක දිනයක් ප්රකාශ කරද්දි මුළු රටම පුදුම කළ හෙළයේ ගීතකෝකිලාවිය වූ නන්දා මාලනීගේ අවසන් කැමත්ත මෙන්න