ඉහළ ගිය විදුලි බිලට රජයෙන් සහනයක් - ලැබෙන්නේ මේ අයට විතරයි

Report

රජයේ නව ආර්ථික සහන පැකේජය අද (07) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විදුලි පාරිභෝගිකයන් වෙනුවෙන් රුපියල් බිලියන 15ක දැවැන්ත සහනයක් ප්‍රකාශයට පත් කළේය.

මෙම සහනය විශේෂයෙන්ම වෙන් කර ඇත්තේ මසකට විදුලි ඒකක 90කට වඩා අඩුවෙන් පරිභෝජනය කරන පාරිභෝගිකයන් සඳහාය.

අධ්‍යාපන අමාත්‍යාංශයෙන් සියලුම පාසල් සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යාපන අමාත්‍යාංශයෙන් සියලුම පාසල් සිසුන්ට විශේෂ දැනුම්දීමක්

පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් ජල විදුලි උත්පාදනය සීමා වීමත්, ඒ වෙනුවට තාප බලාගාර මගින් විදුලිය ජනනය කිරීමට සිදුවීමත් නිසා වැය වන අමතර පිරිවැය පාරිභෝගිකයා මත පැටවීම රජය මෙහිදී ප්‍රතික්ෂේප කර ඇත.

ජනාධිපතිවරයා අවධාරණය කළේ ඉන්ධන මිල ඉහළ යාම සහ තාප බලාගාර ක්‍රියාත්මක කිරීම නිසා දැරීමට සිදුවන මෙම අමතර බර පාරිභෝගිකයා වෙත විතැන් කිරීම වෙනුවට, ඉදිරි මාස 3ක කාලය සඳහා එම පිරිවැය රජය විසින්ම දැරීමට තීරණය කර ඇති බවයි.

මේ පාසල් ලැයිස්තුවෙන් ඉවත් කරලා..ගුරු විදුහල්පතිවරුන්ට වැඩි කරලා දෙනවා කිව්ව දුෂ්කර දීමනාව අහිමි කරලා - ස්ටාලින්

මේ පාසල් ලැයිස්තුවෙන් ඉවත් කරලා..ගුරු විදුහල්පතිවරුන්ට වැඩි කරලා දෙනවා කිව්ව දුෂ්කර දීමනාව අහිමි කරලා - ස්ටාලින්

මෙම සහන වැඩපිළිවෙළ හරහා සාමාන්‍ය ජනතාවගේ ජීවන වියදම පාලනය කිරීමටත්, බලශක්ති අර්බුදය හමුවේ අඩු ආදායම්ලාභී පවුල් ආරක්ෂා කිරීමටත් රජය අපේක්ෂා කරයි. මීට අමතරව ධීවර සහ ගොවි ජනතාවට ලබාදුන් සහන ද සමඟින් මෙම පැකේජය වත්මන් ආර්ථික තත්ත්වය හමුවේ ජනතාවට ලැබුණු විශාල පිටුවහලක් වනු ඇත.