මේ අයට මසකට රු. 10,000 ක දීමනාවක් ගෙවීමට තීරණක්

Report

විදේශ රැකියාවල නියුතු දෙමාපියන්ගේ වයස අවුරුදු 2-13 අතර වන දරුවන් දිවා සුරැකුම් මධ්‍යස්ථානවල සිටී නම් ඔවුන්ට මසකට රු. 10,000/- ක දීමනාවක් ගෙවීමට තීරණය කළ බව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන් කාන්තා සහ ළමා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට පවසා ඇති බව වාර්තා වේ.

ඒ අනුව එම කාරක සභාව අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මියගේ ප්‍රධානත්වයෙන් සහ නියෝජ්‍ය අමාත්‍ය නාමල් සුදර්ශන මහතාගේ සහභාගිත්වයෙන් ඉකුත්දා පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී නිලධාරීන් මේ බව පවසා ඇති බව සඳහන්.

රුපියල බිම වැටුණයින් තෙල් මිලත් නගීද? ඉන්ධන මිලට ලොකු බලපෑමක් වී ඇති බව කියන බලශක්ති ඇමති

රුපියල බිම වැටුණයින් තෙල් මිලත් නගීද? ඉන්ධන මිලට ලොකු බලපෑමක් වී ඇති බව කියන බලශක්ති ඇමති

කුඩා දරුවන් සිටින කාන්තාවන් විදේශගත වීම නිසා සමාජය තුළ පැන නගින ගැටලු සම්බන්ධයෙන් මැදිහත් වන මෙන් මීට පෙර කාරක සභාවේදී විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සාමාන්‍යාධිකාරී (දේශීය කටයුතු) වෙත මෙම කාරක සභාව ලබා දුන් උපදෙස්වල ප්‍රගතිය විමසීමේදී විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන් විසින් මේ බව සඳහන් කර තිබෙන බව පවසයි.

සුදුසුකම් ලබා ඇති අයට මේ වන්දියත් ගෙවන්න කැබිනට් අනුමැතිය - ගෙවන්න යන වන්දි මුදල් ගණන් මෙන්න

සුදුසුකම් ලබා ඇති අයට මේ වන්දියත් ගෙවන්න කැබිනට් අනුමැතිය - ගෙවන්න යන වන්දි මුදල් ගණන් මෙන්න

රාජ්‍ය ආයතනවලින් ප්ලාස්ටික් වතුර බෝතල් අතුගා දමන දැවැන්ත තීන්දුවක්

රාජ්‍ය ආයතනවලින් ප්ලාස්ටික් වතුර බෝතල් අතුගා දමන දැවැන්ත තීන්දුවක්

එම නිවේදනය පහතින්,

GalleryGallery