කාලගුණයෙන් රටම කැළඹෙන විට ඉදිරි පැය 24 සඳහා තවත් අනතුරු ඇඟවීමක්

Report

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මඟින් ඉදිරි පැය 24 සඳහා දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල කාලගුණ තත්ත්වය පිළිබඳව විශේෂ නිවේදනයක් නිකුත් කර ඇත.

එහි දැක්වෙන්නේ හලාවත සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වන වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි ඇති විය හැකි බවයි.

එසේම දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං නිරිත දෙසින් හමා එන අතර එහි සාමාන්‍ය වේගය පැයට කිලෝමීටර් 30 ත් 40 ත් අතර අගයක් ගන්නා බව සඳහන්.

එමෙන්ම කන්කසන්තුරය සිට මන්නාරම, කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 60ත් 70ත් දක්වා වැඩි විය හැකි බව පවසයි.

එදා වගේම ලංකාවට එල්නිනෝ වෙසින් එන්න යන සුනාමිය.. මුහුදේ ඇති විය හැකි වැඩි පීඩන තත්ත්වයෙන් නත්තල් කාලෙට රතු එළි රැසක්

එදා වගේම ලංකාවට එල්නිනෝ වෙසින් එන්න යන සුනාමිය.. මුහුදේ ඇති විය හැකි වැඩි පීඩන තත්ත්වයෙන් නත්තල් කාලෙට රතු එළි රැසක්

ඊට අමතරව ත්‍රිකුණාමලය සිට මුලතිව් හරහා කන්කසන්තුරය දක්වා වන වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50ත් 60ත් දක්වා වැඩි වීමේ හැකියාවක් ඇත.

එසේම මුහුදේ ස්වභාවය පිළිබඳව සලකා බැලීමේදී කන්කසන්තුරය සිට මන්නාරම, කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු විය හැක.

එබැවින් නැවත දැනුම් දෙන තුරු එම මුහුදු ප්‍රදේශවල යාත්‍රා කිරීමෙන් වළකින ලෙස නාවික සහ ධීවර ප්‍රජාවට දැඩිව උපදෙස් දී තිබෙනවා.

මහජන බැංකුවෙන් දැනුම්දීමක් - මේ තැන්පත්කරුවන්ට අද සිට ශාඛා ඔස්සේ වන්දි ලබා දෙයි

මහජන බැංකුවෙන් දැනුම්දීමක් - මේ තැන්පත්කරුවන්ට අද සිට ශාඛා ඔස්සේ වන්දි ලබා දෙයි

එමෙන්ම ත්‍රිකුණාමලය සිට මුලතිව් හරහා කන්කසන්තුරය දක්වා වන මුහුදු ප්‍රදේශ ද විටින් විට රළු විය හැකි බැවින් එම ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතුවල යෙදෙන පිරිස් මේ පිළිබඳව දැඩි අවධානයෙන් කටයුතු කළ යුතු බව දන්වයි.

මන්නාරම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල රළ උස මීටර් 2.5ත් 3.0ත් අතර ප්‍රමාණයකින් ඉහළ යා හැකි බැවින් ඒ පිළිබඳව ද අවධානයෙන් පසුවන ලෙස ධීවර හා නාවික ප්‍රජාවගෙන් කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ඉල්ලා සිටියි.

ඔක්තෝම්බර් 23, 24 සහ 25 යන දිනවල සියලු ප්‍රදේශවල සිටින පාසල් සිසුන්ට මේ සඳහා රජයෙන් අවස්ථාවක්.. අගමැති

ඔක්තෝම්බර් 23, 24 සහ 25 යන දිනවල සියලු ප්‍රදේශවල සිටින පාසල් සිසුන්ට මේ සඳහා රජයෙන් අවස්ථාවක්.. අගමැති

රස නහර පිනා යන අත්දැකීමක් විඳගන්න ඔබත් Reecha Food Festival මහා ආහාර සැණකෙළියට එන්න...

රස නහර පිනා යන අත්දැකීමක් විඳගන්න ඔබත් Reecha Food Festival මහා ආහාර සැණකෙළියට එන්න...