මුහුද රළු වී සුළං වේගයත් ඉහළ යයි - නාවික හා ධීවර ප්‍රජාවට අනතුරු ඇඟවීමක්
By Malith Madushan
කන්කසන්තුරය සිට මන්නාරම හරහා හලාවත දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50ත් 60ත් අතර දක්වා ඉහළ යා හැකි බව දැනුම් දී තිබේ.
ඒ හේතුවෙන් එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි බවද සඳහන් වේ. එමෙන්ම, පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ මාතර හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශවල මුහුදු රළ මීටර් 2.0ත් 2.5ත් අතර උසකට ඉහළ යාමේ හැකියාවක් පවතින බව වාර්තා වේ.
මේ හේතුවෙන් අදාළ මුහුදු ප්‍රදේශවල ගමන් කරන ධීවර සහ නාවික ප්‍රජාව කාලගුණ තත්ත්වය පිළිබඳව අවධානයෙන් කටයුතු කරන ලෙස දැනුම් දී තිබේ.