“අද මුහුදට යනවා නම් අවධානයෙන් ඉන්න” – තද සුළං සමග මුහුද රළු වන ප්‍රදේශ මෙන්න
By Malith Madushan
කන්කසන්තුරය සිට මන්නාරම හරහා හලාවත දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශවල සුළං වේගය විටින් විට පැයට කිලෝමීටර් 50ත් 60ත් අතර දක්වා ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා අංශය දැනුම් දෙයි.
එම හේතුවෙන් අදාළ මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි බවද සඳහන් වේ. මේ අතර, පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ මාතර හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශවල මුහුදු රළ මීටර් 2.0ත් 2.5ත් අතර උසකට ඉහළ යාමේ හැකියාවක් පවතින බවද දැනුම් දී තිබේ.
එබැවින් අදාළ මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවල නිරත වන ධීවර ජනතාව සහ නාවික ප්‍රජාව මේ පිළිබඳව අවධානයෙන් කටයුතු කරන ලෙස බලධාරීන් දැනුම් දෙයි.