මේ සියලු ගුරුවරුන් මාරු කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් තීරණයක්.. ගුරු මාරු ගැන ඇහෙන අලුත්ම කතාව

Report

ලබන වසරේ සිට ජාතික පාසල්වල වසර අටට වැඩි සේවා කාලයක් සහිත සියලු ගුරුවරුන් මාරු කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇති බව වාර්තා වේ.

මෙම වසරේ දී මාරු කෙරුණේ ජාතික පාසල්වල වසර නවයක සේවා කාලයක් සහිත ගුරුවරුන් වන අතර මෙම ගුරුවරුන් මාරු කරන්නේ පළාත් මට්ටමින් මාරු මණ්ඩල කැඳවමින්.

එසේම ලබන වසරේ ස්ථාන මාරු ලබන ගුරුවරුන්ගෙන් අධ්‍යාපන අමාත්‍යාංශය අයදුම්පත් කැඳවා අවසන් කර ඇති බව සඳහන්.

දැයෙන් සමුගත් යශෝරාවිය නන්දා මාලනිය ගැන හඳ කම්පා කරවන පුවතක්

දැයෙන් සමුගත් යශෝරාවිය නන්දා මාලනිය ගැන හඳ කම්පා කරවන පුවතක්

මේ අතර ගුරු ස්ථාන මාරු අවලංගු කරගැනීමට රාජ්‍ය සේවා කොමිෂන් සභාවට අභියාචනා ඉදිරිපත් කර ඇති ගුරුවරුන්ට අදාළ තීරණ මෙතෙක් ලබා දී නොමැති බව වාර්තා වේ.

එබැවින් එම ගුරුවරුන් ලබන වසරට අදාළව ද ස්ථාන මාරු අයදුම් කර නැත. ඔවුන් රාජ්‍ය සේවා කොමිෂන් සභාවට අභියාචනා කර ඇත්තේ මාරු මණ්ඩලයට ඉදිරිපත්කළ අභියාචනා ප්‍රතික්ෂේප වීම හේතුවෙන්.

එසේම මාරු මණ්ඩලයට ඉදිරිපත් කළ අභියාචනා ප්‍රතික්ෂේප වීමෙන් අනතුරුව එම ගුරුවරුන් රාජ්‍ය සේවා කොමිෂන් සභාවට අභියාචනා කර ඇත්තේ තවදුරටත් එම පාසලේ ම රැඳී සිටීමේ අරමුණින් බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් ප්‍රකාශ කරන බව සඳහන්.

ඔහු වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ එම අභියාචනාවලට අදාළ තීරණ ලබාදීම ප්‍රමාද වන තරමට එම ගුරුවරුන්ගේ අරමුණ පහසුවෙන්ම ඉටු වන බවයි.

මීට සුළු මොහොතකට පෙර අගෝස්තු 22 දිනය පුරා වලංගු නිවේදනයක්

මීට සුළු මොහොතකට පෙර අගෝස්තු 22 දිනය පුරා වලංගු නිවේදනයක්

කැරට් 24 රන් පවුමක් ලක්ෂ 4ක්.. ලංකාවම හොය හොය හිටපු අද රන් මිල ගණන් මෙන්න

කැරට් 24 රන් පවුමක් ලක්ෂ 4ක්.. ලංකාවම හොය හොය හිටපු අද රන් මිල ගණන් මෙන්න

මේ සිසුන්ට සුබ ආරංචියක් - රජයෙන් ලක්ෂ 15ක පොලී රහිත ණයක්

මේ සිසුන්ට සුබ ආරංචියක් - රජයෙන් ලක්ෂ 15ක පොලී රහිත ණයක්

රුපියල හමුවේ ඩොලරය තවත් අඩපණ වෙයි- අද ප්‍රධාන බැංකුවල ඩොලරයේ අලුත්ම මිල ගණන් මෙන්න

රුපියල හමුවේ ඩොලරය තවත් අඩපණ වෙයි- අද ප්‍රධාන බැංකුවල ඩොලරයේ අලුත්ම මිල ගණන් මෙන්න