ගාස්තුවක් වහාම පහළට.. ඒ මෙන්න මෙහෙමයි.. - සම්පූර්ණ විස්තරය මෙතනින්.
කැබිනට් මණ්ඩලය විසින් විශේෂ තීරණයක් ගෙන තිබෙනවා.
ඒ වහල මත සවි කරන සූරිය පැනල සහ පුනර්ජනනීය බල ශක්ති ව්‍යාපෘති හරහා උත්පාදනය කෙරෙන විදුලි බලය ලංකා විදුලි බල මණ්ඩලය විසින් මිල දී ගැනීමේ දී පාරිභෝගිකයින්ට ගෙවන ගාස්තු පහළ දැමීමටයි.
මේ බව එක්ස් පණිවුඩයක් නිකුත් කරමින් විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සදහන් කළේ ය.
ඒ අනුව කිලෝ වොට් 500 ට අඩු ව්‍යාපෘති සදහා ගෙවන ඒකක ගාස්තුව රුපියල් 27. 6 ක් දක්වාත්, කිලෝ වොට් 500 ට වැඩි ධාරිතාවක් සහිත ව්‍යාපෘති සදහා ඒකකයකට ගෙවන ගාස්තුව රුපියල් 23. 18 දක්වා පහළ දමා ඇත.
කෙසේ වෙතත්, මේ මස පළමු වනදා සිට වහල මත සවි කරන සූරිය පැනල සහ පුනර්ජනනීය බල ශක්ති ව්‍යාපෘති සදහා නව ගාස්තු ක්‍රියාත්මක බව ද වැඩිදුරටත් අමාත්‍යවරයා සදහන් කළේ ය.