රෝහිත් ශර්මා සහ විරාට් කෝලි සංචිතයෙන් ඉවත් කරයි..!

Report

නවසීලන්ත කණ්ඩායම සමග පැවැත්වෙන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියෙන් ඉන්දීය කණ්ඩායමේ රෝහිත් ශර්මා සහ විරාත් කෝලි ඉවත් කර තිබේ.

ඔවුන් දෙදෙනා ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවති විස්සයි විස්ස තරගාවලියේදී ද ඉන්දීය කණ්ඩායම නියෝජනය නොකළ අතර එම තරගාවලියේදී කණ්ඩායම මෙහෙය වූ හර්දික් පාණ්ඩ්‍යා නවසීලන්ත තරගාවලියේදී ද ඉන්දීය කණ්ඩායමට නායකත්වය ලබාදීමට නියමිතව ඇති බවයි වාර්තා වන්නේ.

නවසීලන්ත කණ්ඩායම සමග පැවැත්වෙන තරගාවලියේදී ඉන්දීය කණ්ඩායමේ උප නායකත්වය සූර්ය කුමාර් යාදෙව් හට හිමිව තිබේ.

විස්සයි විස්ස සංචිතයට ඇතුළත් නොවුවද රෝහිත් ශර්මා සහ විරාත් කෝලි නවසීලන්තය සමග පැවැත්වෙන එක්දින තරගාවලියට සහභාගී වේ.

මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර තෙවන සහ අවසන් එක්දින ක්‍රිකට් තරගය හෙට (15) පස්වරුවේ පැවැත්වීමට නියමිතය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now