හයේ පහරවල් 50ක් එල්ල කරමින් රොහිත් ශර්මා ලෝකයේ අංක එක වෙයි
මුම්බායි හි වන්කඩේ ක්‍රීඩාංගණයේදී මේ වනවිට පැවැත්වෙන ලෝක කුසලාන අවසන් පූර්ව තරගයේ දී ඉන්දීය නායක රොහිත් ශර්මා හයේ පහර 50ක් එල්ල කළ පළමු පිතිකරුවා බවට පත්විය.
මීට පෙර ක්‍රිස් ගේල් හයේ පහර 49 ලබාගෙන සිටි අතර අද ඔහුගේ වාර්තා බිද දැමිමට රොහිත් ශර්මා සමත් විය.
මෙම වාර්තාව තබා ඇත්තේ අද දින නවසීලන්තයට එරෙහිව තිබූ තරගාවලිය අතරතුරයි.