විදුලි ගාස්තුවත් වැඩි වෙයි..?

By Gagana News Feb 25, 2025 01:44 AM GMT
Report

පවතින වියළි කාලගුණ තත්ත්වය ඉදිරියටත් පැවතියහොත් විදුලි ගාස්තු ඉහළ දැමීමට සිදුවිය හැකි බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා පවසයි.

ජාතික ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික් ඉංජිනේරු හමුවට ඊයේ (23) එක්වෙමින් අමාත්‍යවරයා ඒ බව ප්‍රකාශ කළේය.

''විදුලි ගාස්තු 20% කින් අඩුකළා. පෑව්වොත් එහෙම බොහෝවිට වැඩිකරන්න ඉඩ තියෙනවා.

අපිට පිරිවැය ලෙස යන්නේ ලාභ හෝ ඉතිරි ලෙස නොවේ. අපිට පවත්වාගෙන යන්න නම් සංශෝධනවලට යන්න වෙනවා ඉතින් අපි ඒකට කැමති නැහැ.

විදුලිබල මණ්ඩලය බිලියන 140 ගණනක් ලාභයි කියලා හැමදාම කියනවා.

හැමදාම ඒ බොරුව කියනවා. විදුලිබල මණ්ඩලයේ ලාභ නෙ‌මෙයි ඉතිරියක් එනවා කාර්තුවෙන් කාර්තුවට මිල වෙනස් කිරීමේදී.

පෙර මාස 06 ඉතුරුව ඊළඟ මාස 06 ට ගන්නවා ඒ තුළින් තමයි අනාවැකියක් කියන්නේ.

ඒ අනාවැකිය කියනකොට අර ඉතුර ටික වියදම් කරලා තමයි ගන්නේ.

එතකොට අවුරුද්ද අවසානයේ ලාභයක් ඉතුරුවෙන්නේ නැහැ. 140 ගාණක් ගිය වසරේ තිබිලා තියෙනවා ඒක අන්තර්ගත වෙලා තියෙනවා වියදම්වලට.

එකෙන් 46යි ඉතුරුවෙලා මේකට ආවේ.

ඒ 46 මේකට අන්තර්ගත කළාම බිලින 42ක විතර පාඩුවෙනවා මේ මාස 06 ගියාම.

ඊටත් වැඩිවෙයි මේ පෑවිල්ල වැඩි වුණාම." ” ඔහු පැවසීය.

නල්ලතන්නි රක්ෂිතයේ ගිනි නිවීමට ගුවන් හමුදා සහාය

නල්ලතන්නි රක්ෂිතයේ ගිනි නිවීමට ගුවන් හමුදා සහාය

මාධ්‍යවේදී චන්දන සූරියබණ්ඩාර ජනාධිපති උපදේශක තනතුරට!

මාධ්‍යවේදී චන්දන සූරියබණ්ඩාර ජනාධිපති උපදේශක තනතුරට!