මාර්ගයක් දැඩි අවදානම් තත්ත්වයක- පොලීසියෙන් විශේෂ නිවේදනයක්
By Dhananjaya
මේ දිනවල පවතින අධික වර්ෂාව හේතුවෙන් ප්‍රදේශ කිහිපයක නායයෑම් අවදානමට ලක්ව තිබේ.
මේ දිනවල බලන්ගොඩ ප්‍රදේශයට අධික වැසි ඇදහැලෙන අතර බලන්ගොඩ උඩවෙල මංසන්ධියේ සිට උඩ ඇල්ලේපොළ දක්වා ප්‍රදේශයේ අතර නාය යෑම් අවධානමකට ලක් වීම හේතුවෙන් පොලිසිය ජනතාවට දැනුම් දෙන්නේ එම මාර්ගයේ ගමනාගමනය අවදානම් තත්ත්වයක පවතින බවයි.
බලන්ගොඩ පොලිසිය මේ පිළිබදව වැඩිදුරටත් අදහස් දක්වමින් රියදුරන්ට දැනුම් දෙන්නේ විමසිලිවත්ම මාර්ගයේ ගමන් කරන විට කටයුතු කරන ලෙසයි.