අද කාලගුණය ගැන විශේෂ දැනුම්දීමක්..මේ ප්‍රදේශ වල අය විමසිල්ලෙන්..

Western Province Sabaragamuwa Province TN Weather Weather
By Aruna Dec 16, 2023 01:26 AM GMT
Aruna

Aruna

Report

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (16) වැසි පවතිනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

උතුරු, උතුරු-මැද, නැගෙනහිර, දකුණ, මධ්‍යම සහ ඌව පළාත්වල විටින් විට වැසි ඇතිවිය හැකි බවයි සඳහන් වන්නේ.

එම දෙපාර්තමේන්තුව පවසන්නේ, සෙසු ප්‍රදේශවල පස්වරු 1.00න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි.

මේ අනුව, වයඹ පළාතේ උදෑසන කාලයේදී ද වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව වාර්තා වේ.

බස්නාහිර, සබරගමුව, දකුණු, වයඹ සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මී.මී 100ක පමණ තද වැසි ඇතිවිය හැකි බවයි එම නිවේදනයේ සදහන් වන්නේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.