නොහිතපු අවදානමක් මතු වෙයි.. වාහාම, 100කට වැඩි පිරිසක් ආරක්ෂිත ස්ථාන කරා..
By krishani
අද (14) පස්වරුවේ දී අම්පාර, සේනානායකපුර සහ සාමපුර ප්රදේශවල පවුල් 40ක පුද්ගලයින් 100කට වැඩි පිරිසක් ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමට පියවර ගෙන තිබෙනවා.
ඒ ගල් ඔය ගඟේ බැම්ම කැඩී යාමේ අවදානම හේතුවෙන් ය.
ඒ බව අම්පාර දිස්ත්රික් ලේකම් චින්තක අබේවික්රම මහතා කියා සිටියේ ය.
එම ස්ථානයේ තාවකාලිකව වැලි කොට්ට ගසා පිළිසකර කිරීමේ හැකියාවක් නොමැති බව සදහන් කළ ඒ මහතා දැනට කැඩී යෑමේ අවදානම් තත්ත්වයක් පමණක් ඇති බව සදහන් කළේ ය.
එමෙන්ම, අම්පාර ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ සේනානායකපුර, සාමපුර යන ග්රාම නිලධාරි වසම්වල සුදුවැල්ල ප්රදේශයේ ජීවත්වන පවුල් ගණනාවකට ගංවතුර තත්ත්වයේ බලපෑමක් ඇති විය හැකි බව දිස්ත්රික් ලේකම්වරයා කියා සිටියේ ය.
You May Like This Video👇