වියට්නාමයේ ගංවතුර හේතුවෙන් මියගිය සංඛ්‍යාව ඉහළට

By Kanchana Nov 21, 2025 05:02 AM GMT
Report

වියට්නාමයට බලපා ඇති ගංවතුර තත්ත්වය හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇති සංඛ්‍යාව 41 දක්වා ඉහළ ගොස් ඇත.

තවද පසුගිය සති අන්තයේ සිට මධ්‍යම වියට්නාමයට ඇද හැලෙන අඛණ්ඩ වර්ෂාපතනය හේතුවෙන් ජන ජීවිතයට දැඩි ලෙස බලපෑම් එල්ල විය.

ඒ වගේම මෙම ගංවතුර තත්ත්වය මෙන්ම නායයෑම් සිදුව තිබෙන බව වාර්තා වේ. එරටට බලපෑ මෙම අයහපත් කාලගුණය හේතුවෙන් මේ වන විට 41 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඊශ්‍රායලයේ සේවය කල ලාංකිකයකු හදිසියේම ජීවිතක්ෂයට

ඊශ්‍රායලයේ සේවය කල ලාංකිකයකු හදිසියේම ජීවිතක්ෂයට

ඒ වගේම තවත් පුද්ගලයින් 09 දෙනෙකු අතුරුදන් වී ඇත.

විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කරන්නේ නිවාස 52,000 කට අධික සංඛ්‍යාවක් ගංවතුරෙන් යටව ඇති බවයි .

මේ හේතුවෙන් නිවාස හා ව්‍යාපාරික ස්ථාන ලක්ෂ 05 කට පමණ විදුලිබලය අහිමි බව ද සඳහන් වේ.

ඒ අනුව පසුගිය දින තුන තුලදී මධ්‍යම වියට්නාමයේ ඇතැම් ප්‍රදේශවලට ලැබී ඇති වර්ෂාපතනය නිසා අඩි 05 ක් පමණ උසට ජලය රැදී ඇති බවද වාර්තා  වේ .

තවද එම ප්‍රදේශ වලට 1993 වසරට පසුව වැඩිම වර්ෂාපතනය ද මෙය   බව විදෙස් මාධ්‍ය සදහන් කරයි.

හෙල්ලෙන් නැති රන් මිල - අද මිල ගණන් මෙන්න

හෙල්ලෙන් නැති රන් මිල - අද මිල ගණන් මෙන්න

අද අයවැය විවාදය ඇරඹෙයි

අද අයවැය විවාදය ඇරඹෙයි