රිළවුත් කන්ෆියුස් වෙයි...වදෙන් බේරෙන්න බැරිම තැන රිළවුන්ට අක්කර 425 ක් ...

Report

මාතලේ දිස්ත්‍රික් සංවර්ධන කමිටුවෙන් මාතලේ කළුගඟ ජලාශය ආශ්‍රිතව සිටින රිළවුන්ට ආරක්ෂාකාරී රැඳවුම් මධ්‍යස්ථානයක් ඉදි කර දීමට අනුමැතිය ලබාදී ඇති බව වාර්තා වේ.

අපි අනුදිට සළකපු විදිහයි එයාලා මිස් වර්ල්ඩ්ට සළකපු විදිහයි, දැන්වත් තේරෙනවද?

අපි අනුදිට සළකපු විදිහයි එයාලා මිස් වර්ල්ඩ්ට සළකපු විදිහයි, දැන්වත් තේරෙනවද?

ඒ අනුව මාතලේ දිස්ත්‍රික්කයේ ජන ජීවිතයට හානිකර ලෙස නගර සහ ග්‍රාමීය ප්‍රදේශවල සිටින රිළවුන් අල්ලා මෙම රැඳවුම් මධ්‍යස්ථානයේ ගාල් කිරීමට ද වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිර්දේශය හිමි ව ඇති බව සඳහන්.

මේ සම්බන්ධයෙන් වනජීවි දෙපාර්තමේන්තුවේ වන සත්ත්ව අඩවි ආරක්ෂක චමත් ලක්ෂ්මන් පෙරේරා මහතා ප්‍රකාශ කළේ රිළවුන්ගේ ගහනය පාලනයට රැඳවුම් මධ්‍යස්ථාන ඉදි කිරීමේ නියමු ව්‍යාපෘතිය යටතේ අඳාළ රැඳවුම් මධ්‍යස්ථානය ලග්ගල කළුගඟ ජලාශය ආසන්නයේ අක්කර 425ක භූමියක පිහිටුවීමට නියමිතව තිබෙන බවයි.

එසේම ඔහු පවසා ඇත්තේ රැඳවුම් මධ්‍යස්ථානයට මුදා හරින රිළවුන් සම්බන්ධයෙන් නිතරම පසු විපරම් කිරීමට නියමිත බවයි.

එසේම ගහනය පාලනයට අල්ලා ගන්නා ගැහැනු සතුන්ට ලූපයක් පැලඳවීම, ස්වාභාවික ආහාර ප්‍රමාණවත් නොවන විටදී පිටතින් ආහාර හා ජලය සැපයීම, ජලය ප්‍රමාණවත් වශයෙන් සැපයීමට ද නියමිතව ඇති බවයි.

තවද කමිටුවේදී හෙළි වූයේ යෝජිත රැඳවුම් මධ්‍යස්ථානය මාතලේ දිස්ත්‍රික්කයේ නාගරික සහ ග්‍රාමීය ප්‍රදේශයේ සැරිසරන රිළවුන් ගාල් කිරීමට ප්‍රමාණවත් බවයි.

දෙයියනේ...290 බිලි අරන් ගුවන් යානය කඩා වැටිලා තියෙන්නේ හේතුව මෙන්න

දෙයියනේ...290 බිලි අරන් ගුවන් යානය කඩා වැටිලා තියෙන්නේ හේතුව මෙන්න

එමෙන්ම කඳුකර රිළවුන් පමණක් අඳාළ රැඳවුම් මධ්‍යස්ථානයට මුදාහැරීමට සැලසුම් කර ඇති බවයි.

ඒ අනුව අඳාළ රැදවුම් මධ්‍යස්ථානය ඉදි කිරීමට රුපියල් මිලියන 283.87 ක් මුදලක් ඇස්තමේන්තු කර ඇත.

තවද ගාල් කෙරෙන රිළවුන් පිටතට පැන යෑම වැළැක්වීමට විද්‍යාත්මක ආරක්ෂිත වැටක් සහ වල් අලින් කඩා වැදීම වැළැක්වීමට විදුලි වැටක්ද ඉදි කිරීමට නියමිතව ඇති බව සඳහන්.

නිකන් කැත වැඩ කරන්න එපා..ජර්මන් ජනපතිට වඩා අනුරව කොට කරලා...ලැජ්ජා කළ අයට වැඩ වරදී

නිකන් කැත වැඩ කරන්න එපා..ජර්මන් ජනපතිට වඩා අනුරව කොට කරලා...ලැජ්ජා කළ අයට වැඩ වරදී

ඊට අමතරව කමිටුවෙන් අවධාරණය කළේ විද්‍යාත්මක ගහන පාලන ක්‍රම ඔස්සේ රිළවුන්ගේ බෝවීම පාලනයට දිගුකාලීනව වැඩ සටහනක් ක්‍රියාත්මක වන බවයි.

එසේම යෝජිත රැඳවුම් මධ්‍යස්ථානය මෙම පීඩාකාරී රිළවුන්ගේ ගැටලුවට සාර්ථක විසඳුමක් වන බවද පවසයි.